මේ සිදුවීම වුනේ හරියටම ගිය ඉරිදා..ඒ කියන්නෙ 22 දා. මම ඉරිදට කොලොම්පුරේ එනව පොඩි ඩිප්ලෝමාවක් කරන්න. පංති ඉවරවෙලා අපි සෙට් එක පොඩි කයියක් දාගෙන ඉන්නකොට අපේ අම්මගෙන් ඇමතුමක් ආව.
" අනේ පුතේ බලන්නකො වෙලා තියෙන දේ නංගි බස් එකෙන් බහිද්දි නංගිගෙ පර්ස් එකට විදලනෙ. ID එකයි බැංකු කාර්ඩ් එකයි ඔක්කොම අරගෙන. පුතා පොඩ්ඩක් ගිහිල්ල බලන්නකො."
අම්මත් නිකන් අඬන්න වගේ ඒක කිව්වෙ. අපේ නංගි ඉගෙන ගන්නෙ බෙලිහුල් ඔය කම්පස් එකේ. හැම ඉරිදම කැම්පස් ඉඳල කොලොම්පුරේ එනව ජපන් පංතියකට. තනියම නෙවෙයි තව යාලුවො 2ත් එනව. මට පංති ඉවර වුනේ 12.30ට නංගිට පංති පටන් ගන්නෙ 1ට.
මම ඒ වෙලාවෙම නංගිට කෝල් එකක් ගත්ත. ඒකිත් "අනේ අයියෙ..." කිව්ව විතරයි අඬන්න ගත්ත. මම ඉතින් පුලුවන් විදියට හිත හදල පංතියට යන්න කිව්ව.මම අපේ උන් සෙට් එකට වෙලා තියෙන දේ කිව්ව.
මොන දේ වුනත් ඕන වෙලාවක උදව්වට එන සෙට් එකක් හිටිය නිසා උනුත් පැනපු ගමන් මාත් එක්ක යන්න එන්නම් කිව්ව. එහෙම කිව්ව එකේ ප්රධාන අරමුණ තමයි අපේ නංගිගෙ යාලුවො බලාගැනීම.හිකිස්.
උන්ගෙත් මල කරදරේ.. "මචන් නංගිගෙ යාලුවො ලස්සනද බං?...... බැරි වේවිද බං කෑල්ලක් සෙට් කරගන්න?.." ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ උනුත් අනේක විද ප්රශ්න අහනව.
මට මල පනල බැරිම තැන.. "සෙට් කර ගන්න බැරි නම් ඕන හු***** කරගනින්....." කිව්වම කටවල් ටික වැහුන. "හරි හරි බං විහිලුවට කිව්වෙ...." කියල අන්තිමට එකෙක් කිව්ව. පස්සෙ ඉතින් මට දුකත් හිතුන මොනා වුනත් උන් ඕන දේකට එන උන්නෙ.
කොහෙද කතාවෙන් පිට යනවනෙ...කොහොම හරි පංති ඉවර වෙද්දි අපි එතනට ගිහින් හිටියෙ. එක එක වාහන වලින් බැහැල කෙල්ලො යනව දැක්කම අපිට මොනා හිතුනද මන්ද...ඔව් ඔව් ඔයාල හිතන ඒව තමයි....හිකිස්. ඔන්න අපේ එකත් පංති ඉවර වෙලා මට කෝල් එකක් අරගෙන අපි ඉන්න දිහාවට ආව.
ඔය අතරෙ අපේ තාත්ත කෝල් එකක් අරන් කියපි "පුතේ නංගිගෙ ID එක ඉක්මනට ගන්න ඕන නිසා පොලීසියට ගිහින් පැමිනිල්ලක් දාන්න" කියල. දැන් ඉතින් පලයන්කො පොලීසි වෙලාවට නංගි එක්ක පංති එන යාලුවෙක්ගෙ මාම කෙනෙක් ඉන්නව කියපු නිසා මාත් අවුලක් නැතුව ගියා.
කොහොමහරි අපේ උන් එක්ක ගිහින් ඒ වැඩ ටික කර ගන්න සිද්ද වුනා. පැමිනිල්ල ලියන්න ගිහින් තමයි ඊට වඩා මල පැන්නෙ. නංගිල පංති ඉවර වෙලා අපහු කැම්පස් යන්නත් ඕන. එතන හිටිය පොලිස් බාප්පල 2ට ගානක් වත් නෑ. බැරිම තැන මම කිව්ව පොඩ්ඩක් ඉක්මන් කරන්න නංගිල ගොඩක් දුර යන ඕන කියල. ඊට පස්සෙ තමයි උන් 2න ඒ වැඩේ කරල දුන්නෙ.
අර අංකල් කතා කරල වැඩේ ඉක්මනට කරල දෙන්න කියල කිව්වෙ මම ඒ ටික කිව්වට පස්සෙ. එදා අපේ වෙලාවටම ඒ අංකලුත් නිවාඩු. පස්සෙ මුන් පැමිනිල්ල ලියන අතරෙ ඒකට දාන්න අපේ නංගිගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලුව. ඒක ඉල්ලද්දි එකෙක්ට ලාවට හිනා යනව මම දැක්ක.මම පැනපු ගමන් උන්ට ලියන්න අපේ තාත්තගෙ නම්බර් එක දුන්න.
කොහොම හරි ටික වෙලාවකින් අර අංකල්ගෙ ගෝලයෙක් ආව එතනට ඇවිල්ල ඒ වැඩ ටික ඉක්මනට කරල දුන්න. එදා මම මාස 2ක බෝඩිම් ගාස්තු ගෙනල්ල තිබ්බ වෙලාවට ඒ ටිකත් නංගිගෙ අතට දීල මම එයාව පිටත් කරා. මම දැක්ක ඒ වෙලාවෙ ඒකිගෙ ඇස් 2ට යන්තම් කදුලු උනනව.
කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරගෙන පිටත් වෙද්දි ඇඳිරි වැටීගෙන එනව. අපි ටික පොලීසියෙ කාර්යක්ෂමතාවයට පින් දිදී ආව.ඒ අතරෙ අපේ උන් අර නංගිල 2 එක්ක හොඳට කයියක් දාල. එකෙක් නංගි කෙනෙක් අතේ තිබ්බ පටියකටත් වැඩේ දීල.හිකිස්.
මම මේක ඇත්තටම ලියන්න හිතුවෙ වැදගත් දෙයක් වේවි කියල හිතලයි.මොකද පිරිමි කෙනෙක් ඔය වගේ තත්වෙකට මූණ දෙන්න වෙනවට වඩා ගැහැනු කෙනෙක් මූණ දෙන්න ගියාම ගොඩක් අසරණ වෙනව.පර්ස් එකේ ඔක්කොම දේවල් දානවට වඩා එක එක තැන් වල සල්ලි දාගෙන තිබ්බ නම් ඕකෙන් බේරිලා ඉන්න තිබ්බ. ඒ වගේම කොළඹ බස් වල යද්දි සිහි කල්පනාවත් බොහොම වැදගත් කියල තමයි හිතෙන්නෙ.
මේ වගේ අත්දැකීම් වෙලා තියෙනව නම් ලියමු බලන්න එහෙනම්.
පොලෝසිය ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.. කොහොම උනත් ඒ වැඩෙ නිසා යාළුවෝ ටිකට හරි ගිය පාටයි..
ReplyDeleteඒකනෙ යාලුවොන්ට නම් පොටක් පෑදුනා.....:D
Deleteපොලිසිය ඉතින් සැමදා චාටෙර්.නීතියේ වැඩකට ගියහම වුන් හිතන්නේ අපි වුන්ගෙන් ණයට මොනවහරි ඉල්ලන්න ආව කියල.ජරා හැත්ත.මලපනිනවා මතක් වෙද්දී.
ReplyDeleteඑහෙමත් හොඳයි කියල කියන්න පුලුවන් පොලිස් කාරයො ඉන්නෙ බොහොම අතලොස්සයි...
Deleteඅපොයි "පො.." කතා කරන්නෙපා එයාල ගැන.. හිකිස්
ReplyDeleteමිනිසුන්ගෙ හිතේ පොලීසිය ගැන කිසිම පැහැදීමක් නෑ නේද සෑම් අයියා.......:(
Deleteසමහර ගෑල්ලමයි නං සල්ලි තැම්පත් කොරන් යන්නෙ තන්ගල්ලෙ බෑන්ක් බ්රාන්ච් එකේ.... :-))
ReplyDelete[word verification අයින් කොලා නං මරු]
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බෑ. මගෙත් ඔය අවුල තියෙනවා. අලුත් බ්ලොග්ස් වල ඔය ලෙඩේ තියෙනවා ටික කලක් යනකන්.
Delete( මගේ දැනීමේ හැටියට. අයින් කරන්න පුලුවන්නම් අයින් කරන විදිය කමෙන්ට් එකකින් දාන්න. මටත් දැන ගන්න ඕන. රට වටේම කරක් ගැහුවා. අයින් කරන විදිය හොයා ගන්න මටත් බැරි වුනා.. )
එතන දැම්මොත් ඉතින් ඔබා මාමෙ හොරු ගන්නව බොරු...ස්තූතියි මේ පැත්තෙ ආවට......
Deleteඅනේ ඒකනෙ සමනලයො මටත් ඔය ප්රශ්නෙම තමා තියෙන්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් කියමුකො....
Deleteඒ උනාට සමහර හොරු ඒ බැංකු වලටත් පනිනවා ලු ඔබා මාමේ
Deleteමේකේ ලයික් බටන් එක කොහෙද??
Deleteලයික් බට්න් නැතෝ.....:(
Delete@සමනල් පැටියා :මගේ බ්ලොග් එකෙත් ඔය ප්රස්නෙ තිබුන යාලු...පස්සෙ හොයල බලද්දි දැනගත්තෙ...ඒක කරන්න අපේ බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එක පරන එකට හරවන්න ඕන... මේ ලින්ක් එකෙන් තමයි මමත් ඒක හොයාගත්තෙ....
Deletehttp://www.google.com/support/forum/p/blogger/thread?tid=6c516c88db8545f5&hl=en
අයියා ඉතිං වෙලාවට වීරය වගේ ගිය නිසා නංගිට මාරම සතුටු ඇති. අයියා තනියමත් නෙමෙයිනෙ ගියේ...
ReplyDelete:)
මමත් ඉතින් වීරය වුනා කට්ටිය හිටිය නිසා.....නැත්නම් ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි යන්න වෙන්නෙ.....:D
Deleteමෙන්න මේවගේ කතා අහනකොට තමයි තමයි ඇත්තටම අයියකෙනෙක්ගෙ අගේ තේරෙන්නෙ....
ReplyDeleteකොහෙඩ....කරුමෙට පවුලෙ තනියනෙ....:(
ඒකනෙ කියන්නෙ....තනි වුනාමත් වාසි හැබැයි නේ...ඉල්ලන ඕන දෙයක් දෙනවනෙ....ස්තූතියි ආවට ...ජය වේවා...!!!
Deleteලංකාවෙ පොලිසි නම් යන්න බය හිතෙන සහ එපා වෙන තැන්
ReplyDeleteඒකනම් ඇත්ත දෙයක් වෙන්නම ඕන ඒක දැනගන්න...ස්තූතියි ආවට ජය වේවා...!!!
Deleteමම පන්ති යන කාලෙත් නුගේගොඩ බස් එකේ යද්දි මට ඇහුන කවුදෝ මගේ බෑග් එකේ සිප් එක අරිනව.... මං හැරිල බලනකොට මගෙ පිටිපස්සෙන් හිටපු මිනිහ ඒ වෙනකොටත් සිප් එක අල්ලගෙන.... මං විගහට බෑග් එක ඉස්සරහට අරන් බලනකොට මං දැක්ක වාඩි වෙලා හිටපු මිනිහෙකුත් ඒ දිහා බලන් ඉන්නව... අනුල එක ගාව හෝල්ට් එකේ බස් එක නැවැත්තුව ගමන් මිනිහ බැස්ස.... ඒ බැස්සෙත් ෆුට් බෝඩ් එකේදි තව වයසක අන්කල් කෙනෙකුගෙ කමීසෙ සාක්කුවට අත දාගෙන.... ඒත් පොරට මොකුත් ගන්න ලැබුනෙ නෑ... මිනිහ බස් හෝල්ට් එකේ හිටගත්තම මං හොඳට බැලුව ඒ මනුස්සය දිහා.... ඇත්තටම හරිම අසරණ පාට මනුස්සයෙක්... මට ගිහින් කතා කරල කීයක් හරි දීල එන්න හිතුනත් අන්තිමේදි වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටෙයි කියල බයට සද්ද නැතුව හිටිය....
ReplyDeleteඒ තමයි පික් පොකට් කාරයෙක් ගැන මට දුක හිතුනු පළමුවෙනි සහ අන්තිම වතාව....
පිස්ස ඉගෙන ගන්න තැනත් තියෙන්නෙ ඔය ලගමනෙ...විසිල් එකක් ගහල කතා කරා නම් පිස්ස එතනනෙ....:D මොන වුනත් පෙනුමින් එහෙම දෙයක් අපිට කියන්න අමාරුයි නේද?...කව්ද දන්නෙ ඒ මිනිස්සු ඒ විදියට එන්නෙ උවමනාවෙන්මද කියල..
ReplyDeleteඒක හරි. ගෑල්ලමයෙක්ට ඔහොම දෙයක් උනාම අවුල් තමා !!!
ReplyDeleteඒකනෙ කියන්නෙ ස්තූතියි ආවට මේ පැත්තෙ......!!!
Delete