පිස්සාගේ තවත් පාසල් රස කතාවක් කියන්න තමයි මේ හදන්නෙ. OL කරද්දි 10 වසරෙ හිටිය පන්තියම තමයි 11ට දැම්මෙත් පංති භාර ගුරුවරයත් වෙනස් වුණේ නෑ. පිස්සල 10 වසරෙ ඉන්න පන්තිය ජනප්‍රිය වෙලා තිබ්බෙ "වලේ පන්තිය" විදියට.
පිස්සලගෙ 10 වසරෙ තිබ්බ පන්ති 8න් ගන්නම දෙයක් නැති පන්තිය තමයි පිස්සලගෙ වලේ පන්තිය. පිස්සලගෙ පන්තිය තිබ්බෙ කඳු ගැටේක නිසා සමහර ගොඩනැඟිලි නිර්මාණය වෙලා තියෙන්නෙ භූමියේ පිහිටීම අනුව.
අන්න ඒ වගේ නිර්මාණය කරපු ගොඩනැඟිල්ලක පහලම තට්ටුවෙ තමයි පන්තිය තිබ්බෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනව ඇතිනෙ නම වැටෙන්න හේතුව. ඉතින් පන්තිය වටේ තියෙන ජනෙල් වලින් අවට පරිසරයෙ සිරි නරඹද්දි පේන්න තියෙන්නෙ ගස් කොළනුයි බොහොම පොඩියට පේන රේල් පාරයි විතරයි.
පිස්සලගෙ ඉස්කෝලෙ ඇතුලෙන් සහෝදර බාලිකාවකට යන පාර තිබ්බ නිසා ඒ පාරෙ යන කෙල්ලො බලන්න හැකියාවක් පිස්සලගෙ පන්තියෙ කොල්ලොන්ට තිබ්බෙ නෑ. ඉතින් උදේ පාන්දර ඉස්කෝලෙ එන කට්ටිය එක්ක එකතු වෙලා ඒ පාරෙ යන කෙල්ලොන්ට විහිලු කරනව.
ඔය කිව්වට ඉතින් විනාඩි 15ට විතර පාරක් තමයි එහෙමවත් ලස්සනයි කියල කෙල්ලෙක් යන්නෙ ඒ පාරෙ. ඉතින් පාසල් ආරම්භ වෙන්න බෙල් එක ගැහුවම පිස්සල පන්තියට යනව. අනික් පන්ති වල උන්ට පන්තියෙ හිටියත් පාරෙ යන කෙල්ලො බලන්න හැකියාව තිබ්බ.
ඒත් ගොඩනැඟිල්ල හරිම අසාධාරණ විදියට නිර්මාණය වෙලා තිබ්බ නිසා අපි උදේ වරුවෙ විතරක් නරඹන ජවනිකා වලින් සෑහීමකට පත් වෙනව. හැබැයි මේ පිහිටීම වැස්ස දවසට පුදුම උපකාරයක් වුණා. මොකද කියනව නම් වැහල වැහල කන්ද දිගේ ගලාගෙන එන වතුරපාරක් පිස්සලගෙ පන්තියට බහින පඩිපෙළ ගාවින් ඇවිල්ල වැටෙනව.
හදිසියෙවත් ඉස්කෝලෙ පටන් ගන්න ඉස්සෙල්ල වහිනව නම් පිස්ස ඇතුලු පන්තියෙ ක්‍රියාකාරී සාමාජික පිරිස බාස්කට් අරන් ඇවිල්ල ඒ වැටෙන වතුර එකතු කරල පන්තියට දානව. එහෙම පන්තිය ඇතුලට වතුර දාන එක බෙල් එක ගහනකම් නොනවත්වාම සිදු කරනව.
පන්තිභාර මිස් එනවද කියල බලන්න උඩ කොල්ලො ටිකක් තියල තමයි මේ වැඩේ කරන්නෙ. ශිෂ්‍ය නායකයෙක් එනව නම් වැඩේ තාවකාලිකව අත් හිටුවනව. මිස් එනව නම් වැඩේ නතර කරනව. කොහොම හරි නොසැලකිය හැකි වතුර පාරක් ආධාරයෙන් සැලකිය යුතු තත්වෙකට පන්තිය පත් කරගන්නව.
ඊට පස්සෙ මිසුත් ආවම වැස්සට බැන බැන කොල්ලො ටික පන්තිය සුද්ද කරන්න ගන්නව. මිසුත් පන්තිය සුද්ද කරල ඉවර වුනාම කියන්න කියල ස්ටාෆ් රූම් එකට යනව. ඊට පස්සෙ තමයි අපේ ආතල් පටන් ගන්නෙ. ඩෙස් හෝදනවයි පුටු හෝදනවයි එක කෙළියයි පන්තිය ඇතුලෙ.
මේ හැමදේම සිද්ධ කරන්නෙ උඩ ඔත්තු බලන්න කොල්ලෙක් තියල තමයි. සර් කෙනෙක් පන්තිය පැත්තට එනව නම් බොහොම උනන්දුවෙන් පන්තිය සුද්ද කරනව. කොහොම හරි පන්තිය හෝදන්න වතුර අරන් එන තැනට යන්න ටික දුරක් යන්න තියෙනව. වතුර ගේන්න 3ක් යනව.
ඒකට කොල්ලො මාරුවෙන් මාරුවට තමයි යන්නෙ. කොහොම හරි පිස්ස ඇතුලු තව කොල්ලො 2ක්ගෙ වාරෙත් ආව. දැන් අපි 3නා කයියක් දාගෙන ටැප් එක පැත්තට යද්දි පට්ට ලස්සන අක්ක කෙනෙක් අර සහෝදර බාලිකා පාසලට යන්න එනව පිස්සගෙ ඇස් 2ට ඈත තියාම දැක ගන්න පුලුවන් වුනා.
ඉස්කෝලෙන් අස්වුන අලුත වගේ අක්ක කෙනෙක් කියල අපිට නිගමනයකට එන්න පුලුවන් වුනේ පිස්ස එක්ක ගියපු එක යාලුවෙක් දුන්න තොරතුරකට අනුව. මොක්කුද 3නා වගේ ඒ අක්කගේ සිරියත් නරඹල බාස්කට් වලට වතුර පුරවගෙන පන්තිය පැත්තට ආව.
කොහොමහරි ඔන්න පිස්ස එක්ක වතුර අරන් එන්න ගියපු යාලුවෙක්ටත් ඔත්තු බලන වාරෙ ආව. අපි පොරට කිව්වෙ රත්නෙ කියල. රත්නෙ එක පාරටම උඩ ඉදගෙන පිස්සයි වතුර ගේන්න ගියපු අනික් එකාගෙයි නම් කියල කෑගහල මෙන්න මෙහෙම කිව්ව.
" ඒ මෙන්න බං අර කෑල්ල ආපහු එනෝ........"
අපි 2ත් පඩිපෙල ගාව කයියක් දාගෙන පොඩි අයිස් පාරක් දාපු නිසා ඕක ඇහුනා. පන්තියෙ උන් ටික ඇතුලෙ හිටිය නිසා උන්ට ඒක ඇහුනෙ නෑ. ඕක අහල අපි 2ත් උඩට දුවගෙන ගියා. එතකොටම මෙන්න බොලේ අර අක්කත් වන වන ගියා එතනින්. ඊට සුලු මොහොතකට පස්සෙ මගෙයි රත්නෙගෙයි අනිත් එකාගෙයි නම් කියල එහා පන්තියෙ සර් අඬගහනව අපි 3ට.වෙන කවුරුත් නෙවෙයි අපිට ගණන් උගන්නන ප්‍රියන්ත සර්. සර්ට වැඩේ මාට්ටු.
අපි 2ත් ඉබි ගමනින් සර් ඉන්න තැනට ගියා. ඒ පන්තියෙ කොල්ලොන්ට හිනා.
"නැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල මදන විසේ ගැහුවද ඕයි........"
චටස් පටස් චටස් පටස් 3ටම කම්බුල් පාරවල් 2 බැගින් දුන්න. ඊළඟ විධානය දණ ගහන්න ලැබුන.
:D
ReplyDeleteහි හී හී....
නියම මොළ ටිකක් තමයි පන්තියෙ ඉදල තියෙන්නේ...
නැතුව ලොවෙත් මොළ තමයි හරිය....
Deleteඅපරාදේ ඒ අක්ක සර්ගේ දුවෙක්වත් වෙන්න තිබුනේ
ReplyDeleteඑහෙම වුනා නම් කනව පැණි බේරෙන්න
Deleteකනව කියන්නෙ තාම කනව එහෙනම්.
Deleteඕකනෙ කියන්නෙ. ඉස්සෙල්ල නැට්ටට කිරි එරෙන්න දීපන්
ReplyDeleteඑව්ව නම් ඉතින් මොනාද කිව්වලු........:))))
Deleteගාල්ලේ කොල්ලෙක් නේද??
ReplyDeleteහොදයි හොදයි!
වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ. මට පෙන්නෙ ගාල්ලෙ හාදයෙක් වගේ?
Deleteසර්ගෙ කතාව තමා ෆට්ට... රත්නය ගම කාල නේ... :))
ReplyDeleteඒකනෙ ශානි ගම කාල පන්තියම කැලඹුවනෙ බුවා.......
Deleteහිකිස් අපරාදෙ කියන්න බෑ.....
ReplyDeleteදැන් මතක්වෙනකොටත් සාඩම්බර හැඟීමක් දැනෙනව නේද...?...:P
ඇත්තටම නිසපු නගේ ආඩම්බරේ දෙගොඩ තලා යනව......
Deleteගම ගාල්ලේ නෙව ඉතින්...අහන්න දෙයක් නෑ :ප්
ReplyDeleteඅන්න අන්න අක්කේ එහෙම කියන්න එපා.. මේ අපිත් ගාල්ලේ කොල්ලො තමයි..
Deleteබලන්නකො දිනේශ් අයිය සයුරි අක්ක කියන කතා.....දන්නෙ නැතුව ගාල්ලෙ කොල්ලො ගැන නැද්ද මං අහන්නෙ........:D
Deleteඅපිත් මාතර හරිය.....
Deleteඔහෙයි අපියි ඔක්කොම දකුණෙ හොඳේ...
Deleteහොද වෙලාවට උඹලා වලේ පන්තියේ හිටියේ.. නැත්නම් අනිත් හැම දවසකම වෙන්නේ ඔය ටිකම තමයි..
ReplyDeleteනෑ දිනේශ් අයිය එහෙනම් අපි ගුටි කන්නෙ නෑ ඇයි හැමදාම දකින නිසා......:))))
Deleteහැමදාම දැක්කත් අපි කරන්නේ එකම දේ තමයි.. මම කියන්නේ බොරුද?
Deleteනැතුව නැතුව...:)))
Deleteහපෝ ඔය කාලේ වෙනකොට නැට්ටෙන් කිරි බේරේනවනේ.....
ReplyDeleteමං හිතන්නෙ සර්ට මල පැනපු නිසා පැටලෙන්න ඇති.....:))))
Deleteඋඹලාට පිස්සු කියා යලිත් සනාත වන පොස්ටුවකි
ReplyDeleteඅනේ තැන්කූ බං..
Deleteපිස්සුම තමයි නැත්තම් අහක යන වතුර පාරක් දාගෙන මඩ නායි යෑ හි හි කෙල්ලෝ ටිකක් නිසා කන කට්ටක්...මික්ස් පාසලකට ගියා නම් ඔහොම අවුල් නෑනේ නැද්ද.... ඔය නැට්ටේ කිරි එරෙන කාලේ මේ ඇහුවමයි හි හි
ReplyDeleteඒ වගේද ගැමි මලේ වැඩ නොකර ඉන්න එක....මික්ස් එකකට ගියා නම් හොඳයි කියලත් හිතුනා වෙලාවකට. ඒත් ඉතින් හිටිය ඉස්කෝලෙ ගත්ත ආතල් මතක් වෙද්දි එහෙම ගියේ නැති එක හොඳයි කියල හිතුන. ඒකනෙ කොහොමද සර්ගෙ කටට එන වචන අපේ ඉස්කෝලෙ ගියපු අය නම් දන්නව පොරගෙ කට ගැන.
Deleteඅක්කලා දුන්නොත් ගින්දරක්ම තමා!! එළ පෝස්ට් එක හරිය!
ReplyDeleteමට පේන්නෙ අක්කල නිසා හොඳ කටු කාල වගේ...ස්තූතියි මේ පැත්තෙ ආවට..
Deleteනැට්ටෙන් කිරි එන්නේ උඹ කොස් ගහක්ද නැත්නම් රබර් ගහක් ද?
ReplyDeleteඅම්මප අසර් අයියෙ උඹටත් ඕන නැති ලොඩ්ඩක් නෑනෙ.....
Deleteලොඩ්ඩ ගැන කියනවනම් උඹ රබර් ගහක්.
ReplyDeleteමොන ලොඩ්ඩක් කියනවයි........:P
Deleteසර් නම් පට්ට පට පට :)
ReplyDeleteවර්ණා ඔහොම කියන්නෙ නෑ අපිට දුන්න කනේ පාරවල් 2 දැක්ක නම් තාම කන කූං ගානව.......:((
Deleteමදෑ ඔයින් බේරුනා....අර වැස්ස දවස් වලට කරන වැඩේ කියෙව්වම මටත් හිනාගියා....මිස්ලටත් තරහ ඇති නේ....හිහ්...
ReplyDeleteමිස්ලට මළ පනින්නෙ වැස්ස එක්ක අපි එක්ක නෙවෙයි.....:)))
Deletehey, im the 777 th page viwer :-)
ReplyDeleteyes indeed....Thank you and come again....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපරාදේ බං ගුටකෑවේ... සර්ත් එක්ක කෑල්ලක් ටෝක් කරන්න තිබුනේ...
ReplyDeleteඕනකමින් කෑවෙ නෑනෙ අප්ප......සර් ඒ කාලෙ හොඳ ළමිස්සියො බලන්න ඇති අපිට ගැහුවට.....:))))
Deleteසර් නම් එල සර් කෙනෙක්..හිකිස්ස්..... :D
ReplyDeleteඒකනෙ හිතුවක්කාරි හොඳට කනේ පාරවල් දෙන්න පුලුවන් සර්ට........
Deleteමොකක්ද බන් ඔය පන්තිය... මට මීටර් වෙන්නෙම නෑනේ...
ReplyDeleteඈ බන් 10 වසරේ එව්වොන්ගෙත් නැට්ටට කිරි එරිල නැත්තම් හයියෝ සර්
අර පෙරදිග සංගීතෙට යන්න බහින පඩිපෙල ගාවින් වම් පැත්තට ගියාම තමා පංතිය තිබ්බෙ දැන් පිස්ස අයියට මීටර් වෙන්න ඇති මයෙ හිතේ.......මං හිතන්නෙ බුවාගෙ ඒ කාලෙ කිරි එරෙන්න ඇත්තෙ....:))))
Deleteහිකිස්.. හයියෝ.. පිස්සා නම් පිස්සු වැඩම තමා කරලා තියෙන්නේ..
ReplyDeleteමම ඔය ඉස්කෝලේ ගැන දන්නවද මන්දා.. :P ;) :D
මං හිතන්නෙ ප්‍රාර්ථනා නොදන්න විදියක් නෑ නේ..........:)))
Delete"නැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල මදන විසේ ගැහුවද ඕයි........"
ReplyDeleteමං කල්පනා කරන්නේ නැට්ටට කොහෙන්ද කිරි එරෙන්නේ කියල අප්පා.
ඕව කම්පනා කරල පිස්සු හදාගන්නෙ එහෙම නෑ ඕං හොඳේ.....
Deleteනැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල මදන විසේ ගැහුවද ඕයි"...හැකස්..නෝ කමෙන්ට්ස්..
ReplyDeleteඑහෙනම් මක්කයි මේ දාල තියෙන්නෙ.......
Deleteමේ පෑත්තට කලින් ඈවිත් නෑතිද මන්දා :O
ReplyDeleteගාල්ලේ කොල්ලෙක් වගෙයි :D
අපේ පන්තියට නම් සහෝදර බාලිකාවට යන එන අය හොදට පේනවා අඩුවක් නෑතිව. :D
ගැ- ප්‍රියන්ත සර් නේද?????...........
ReplyDelete