අම්මේ හෙන කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ කරක් ගහන්න ආවෙ. බ්ලොග් අවකාශෙ හැමෝම සනීපෙන් ඉන්නව කියල හිතනව.පිස්සට මේ පැත්තෙ එන්න බැරි වුනේ පිස්ස ඇගයීම් වගයකට හිර වෙලා හිටිය නිසයි. ඇගයීම් 9ක් හදන්න තිබ්බ ඒ නිසා අලුත් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ නෑ.ඒ ගැන කට්ටියගෙන්ම සමාව ඉල්ලනව.
දැන් 22 කට්ටියම වැඩේට ලෑස්තියිනෙ? එකී මෙකී නොකී සියල්ලම මුණහැහිල විනෝද වෙමු කට්ටියම එදාට. කට්ටිය බලාවි මේ යකා මේ මඟුලක් කතා කරනව මේ කතාව ලියන්නෙ නැතුව කියල.මොකද අප්ප ඔච්චර හදිස්සි පොඩ්ඩක් ඉවසල ඉන්න....:).
ගොඩක් දවසට පිස්සලගෙ අම්ම වැඩ ඇරිල එනකොට උණු උණු ආප්ප ගේනවනෙ.ඉතින් ඒ ගේන උණු ආප්ප එක්ක ප්ලේන්ටියකුත් බොන ගමන් පිස්ස අම්ම එක්ක පොඩි කයියකුත් දානව.ආ කියන්න බැරි වුනානෙ පිස්සලගෙ අම්ම වැඩ කරන්නෙ කරාපිටිය ඉස්පිරිතාලෙ.දැන් මේ කියන්න යන කතන්දරේ සිද්ධ වෙලා තියෙන්නෙ අපේ අම්මලගෙ වාට්ටුවෙ.
අම්මලගෙ වාට්ටුවෙ ඉඳල තියෙනව වයසක ආච්චි කෙනෙක් අවුරුදු 75ක් විතර කෙනෙක්. මේ ආච්චිට ඇති වෙච්ච ස්නායු ආබාධයක් නිසා තමයි වාට්ටුවට ඇතුල් කරල තියෙන්නෙ.මේ ආච්චි දරුවො 7ගෙ අම්ම කෙනෙක්.ගැහැණු දරුවො 4යි, පිරිමි දරුවො 3යි තමයි ඉඳල තියෙන්නෙ.ඉතින් මේ කට්ටියගෙන් 6ක්ම කසාඳ බැඳල අන්තිම පිරිමි දරුව විතරයි නොබැදපු කෙනෙකුට ඉඳල තියෙන්නෙ.
ඉතින් අපේ අම්ම කිව්ව විදියට බාලම පිරිමි දරුව එක්ක ඒ ආච්චිගෙ පුදුම බැඳීමක් තිබිල තියෙනව.ඒ පිරිමි කෙනත් අවුරුදු 28ක විතර තරුණයෙක්ලු.ලෙඩ ඇඳේ හිටපු අම්මව බලන්න හැමදාම ඇවිල්ල තියෙන්නෙත් ඒ තරුණයම තමයි.එයා බොහොම සුළු ව්‍යාපාර තමයි කරල තියෙන්නෙ.මේ සිද්ධිය වෙද්දි ඔරලෝසු ව්‍යාපාරයක් තමයි කරල තියෙන්නෙ.
අනික් අය මේ තරුණයට වඩා හොඳ රැකියාවල් වල නිරත වෙලා තියෙනව. ඒ වැඩ ඔක්කොම නතර කරල තමයි මේ තරුණය අම්මව බලාගෙන තියෙන්නෙ.ගොඩක් දවසට මේ තරුණය ඒ ආච්චිගෙ ඇඳ ගාව ඉඳගෙන ඒ ළඟ තියෙන තිර රෙද්දෙන් වහගෙන ඒ ආච්චිව පිරිසිදු කිරීමෙ කටයුතු කරනවලු.මේ කටයුතු ඔක්කොම ඉවර කරන්න පැයකට ආසන්න වෙලාවක් යනවලු.
ඒ කටයුතු අවසානයෙදි ඒ තරුණය දාඩිය පෙරාගෙන එළියට ඇවිල්ල ඉන්නවලු.කොහොමහරි මේ සිදුවීම් වාට්ටුවෙ රාජකාරි කරන ප්‍රධාන වෛද්‍යතුමා ඇතුලු කාර්ය මණ්ඩලේ හැමෝගෙම අවදානය යොමු වෙච්ච කාරනාවක් වෙලා තියෙනව.ඉතින් ඔය ආච්චිට බේත් දෙන්න එහෙම ගියාම ඒ ආච්චි අර පුතාගෙ හොඳ කියනවලු.
"අනේ මිසී මගේ බාල දරුව නිසා තමයි මං මෙච්චර කල් හරි ජීවත් වුනේ.ලබන ආත්මෙත් මගේම පුතෙක් වෙලා උපදින්න ඕන.." කියල දවසක් මේ ආච්ච් අපේ අම්ම එක්ක කියල තියෙනව. කොහොමහරි එක දවසක් දවල් ලෙඩ්ඩු බලන වෙලාවෙදි මේ ආච්චිට ගොඩක් අමාරු වෙලා.ඒ වෙලාවෙ අර තරුණයගෙ එක් සහෝදරියකුයි සහෝදරයො 2යි ඒ ආච්චි ගාව ඉඳල තියෙනව.
ඒ තරුණය ඒ වෙලාවෙ ඒ ආච්චි ගාව ඉඳල නෑ.කොහොමහරි කෝල් එකක් දීල විනාඩි 15ට විතර පස්සෙ ඒ තරුණයත් එතනට ඇවිල්ල තියෙනව. අම්ම ඉන්න තත්වෙ දැක්ක ගමන් ඒ තරුණය "අනේ මගේ අම්මේ......"කියල කෑගහගෙන ගිහින් ඒ ආච්චිව බදාගෙන මහ හයියෙන් අඬල තියෙනව.
ඒ සිදුවීම ඒ අවට හිටපු හැමෝගෙම නෙතට කදුළු උනන සිදුවීමක් වෙලා තියෙනව.කොහොමහරි ඒ වෙලාවෙ රාජකාරි කරපු වෛද්‍යවරය මේ තරුණයව පැත්තකට එක්කගෙන ගිහින් හයියෙන් අඬන එකෙන් අම්මගෙ දුක තවත් වැඩි වේවි කියල පැහැදිලි කරල. මේ තරුණය එකපාරටම හයියෙන් හුස්මක් උඩට අරගෙන අඬන එක නවත්තගෙන තියෙනව.
හාමුදුරු නමක් වඩම්මවල අවසාන මොහොතෙදි අම්මට ඇහෙන්න පිරිත් ටිකක් අහන්න සලස්වන්න කියල වෛද්‍යවරය අර තරුණයට කියල. ඒක කියපු ගමන් අර තරුණය වාට්ටුවෙන් නික්මිලා විනාඩි 20ට විතර පස්සෙ හාමුදුරු දෙනමක් වඩම්මල ඒ ආච්චිට ඇහෙන්න පිරිත් කියල. පිරිත් අහන ගමන්ම ඒ ආච්චි අවසන් හුස්ම හෙලල තියෙනව.
තමන්ගෙ අම්මට මෙහෙම සලකපු දරුවෙක්ට ඒ පින හොඳටම ඇති කියල තමයි පිස්සට නම් හිතුනෙ. වර්තමාන සමාජයෙ බොහොම කලාතුරකින් අහන්න ලැබෙන සිදුවීමක් නිසා තමයි පිස්සට මේක දාන්න හිතුනෙ.ඔය කතාව අම්ම කියද්දි පිස්සට අතුරු ප්‍රශ්න ආව ඒව මේකෙ දැම්මෙ නෑ.එහෙනම් අලුත් පෝස්ට් එකකින් අපි ආපහු මුණගැහෙමු.
ඔයාගෙ මේ පෝස්ට් එක දැක්කම මගෙ ආච්චි අම්ම මතක්වුනා අයියෝ.....:(
ReplyDeleteමගෙ ආච්චි අම්මත් අවුරුදු තුනක් එක්තැන්වෙලා හිටිය...එයාටනම් වැඩිය සිහියක් තිබුනෙත් නෑ....සේරම වැඩ කලේ මගෙ අම්ම...එයා අවසන් හුස්ම හෙලන මොහොතෙත් අම්මයි මමයි දෙන්නම ළඟින් ඉඳන් පිරිත් කිව්ව...
නඟාටයි අම්මටයි ඉතින් ගොඩක් පින් සිද්ධ වෙනව ඒ කරපු වැඩේට.....
Deleteපෝස්ට් එක වගේම උඩින් තියෙන පිතූරේ හිතට වැදුනා.. ඇත්තටම අපි පොඩි කාලේ අපි වෙනුවෙන් කොච්චර දේවල් අම්මලා කරනවද? ඒවා අපි ලොකු මහත් උනාම අමතක කරන්න නරකයි..
ReplyDeleteඒකනෙ දිනේශ් අයියෙ දෙමව්පියන් විතරයි අපේ දුකේදියි සැපේදියි අපි ගාව ඉන්නෙ....
Deleteඅපේ ආච්චිත් අන්තිම කාලේ හිටියේ අපේ ගෙදර. ආච්චි අන්තිම හුස්ම පොද හෙලන වෙලාවේ මාත් ළග හිටියා. මට මේක කියෙව්වම ඒ දවස මතක් වුණා.
ReplyDelete:(
මොනව වුනත් ඒ ආච්චිට සතුටු හිතෙන් ඇති එයාගෙ බාල පුතා ගැන... අන්තිම මොහොතේ බණ අහපු නිසා ආච්චි හොද තැනක ඉපදෙන්න ඇති...
ඔව් ඒ පුතාට ඊට වඩා පිනක් ඕන නෑ.....
Deleteඑක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
ReplyDeleteනෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු.....
Deleteමේ ලිපියටම තේමාව ගොඩක් ගැලපෙනවා.ඇත්තටම ඒ පුතා අම්ම වෙනුවෙන් ගොඩක් දේවල් කරලා...අම්ම,තාත්ත අපිව බලාගන්නේ පුංචි කාලේ විතරක් නෙවෙයි...ඊ හැමදාටම...එයාලගේ ආදරේ අපිට දෙන්නේ සදාකාලේටම...ඊකෙ අඩුවක් වෙන්නෙ නැහැ.අපේ අම්ම, තාත්තට අපි කරන දේවලින් ඒ නය පියවන්න කවමදාවත් බැහැ.
ReplyDeleteහුඟාක් හිතට දැනෙන ලිපියක් අයියේ..ලස්සනයි ගොඩාක්ම..
ඔව් මලය අපි දෙමව්පියන් අමතක කරන්න හොඳ නෑ කවදාවත්.....බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.....
Deleteඋබට කියන්න මචං අපේ ආච්චි අපිත් එක්ක මාර ෆිට්. වෙන එවුන් එහෙම නැතිව ඇති. ආච්චි එක්ක කොහෙ වුනත් යන්න අපි බැහැ කියන්නේ නැහැ..
ReplyDeleteමේ වගේ පෝස්ට් වටිනවා. ජය !
කරුමෙ කියන්නෙ සෑම් අයියෙ අපි ඉපදෙන කොට අපේ ආච්චිල සීයල එක්කෙනක්වත් හිටියෙ නෑනෙ..........:(
Deleteඅම්මලා ඉන්න පුතාලට හිතන්න ගොඩක් දේවල් තියෙන පෝස්ට් එකක් ! ස්තුතියි පළ කලාට !
ReplyDeleteස්තූතියි ඔබතුමත් ඇවිල්ල කොමෙන්ටුවක් දැම්මට....
Deleteවටිනවා වටිනවා!!!
ReplyDeleteඕං ලමයි....
රජාත් මේ වගේ ළමයෙක් වෙනව කියල මට බුදු ෂුවර්.........
Deleteහැම මවක්ම පියෙක්ම පතන්නෙ ඔවුන්ට මේ වගේ දාරුවෙක්.. ඒත් කීයෙන් කී දෙනාටද ඒ වගේ දරුවන් ලැබෙන්නෙ..
ReplyDeleteහොඳ පෝස්ට් එකක් මල්ලි..
ඔව් අක්කෙ මේ වගේ පුතාල බිහි කරන අම්මල වාසනාවන්තයි.......
Deleteම් ඔන්න දරුවො..මේ අරූට ඔච්චර දාඩිය දැම්මේ ඇයි දන්නෑ නේ...හරි හරි ඔන්නැති එවා ඔන නෑ..එක්කො
ReplyDeleteමේකනෙ රාජ් අයියෙ මේ සිද්ධිය වෙන්නේ ඒ සී තියෙන පුද්ගලික රෝහලක නෙවෙයිනෙ.....අනික මේ සිද්ධිය වුන කාලෙ තිබ්බ රස්නෙ රාජ් අයියට එහෙම දැනිල නැති නිසා වෙන්න ඇති ඔහොම කියන්නෙ.........
Deleteමාට මාර දුකක් දැනුනා මචං.මොනවා වුනාත් අම්මා ගේ අගේ හැමෝටම දැනෙනවා.ඒත් හැම දරුවෙක්ම අම්මට මේ විදියට සලකන්නේ නැහැ.
ReplyDeleteකාලෙකින් ආවත් ගොඩාක් හොඳ පොස්ට් එකක්.
ඒකනෙ අයියෙ මේ වගේ දරුවො රටට ආදර්ශයක්.......
Deleteදරුවෙක්ට තමාගේ දෙමාපියන්ට දක්වන්න පුළුවන් හොඳම සැලකිල්ල තමයි හොඳින් රැක බලා ගන්න එක.
ReplyDeleteඅම්මෙක්ගේ කුසින් බිහිවෙච්ච කෙනෙක් ඒක නොකරනවානම් ඒ කෙනා ගැන කතා කරලා වැඩක් නෑ.
නමුත් මේ පිස්සා කියන කතාවේ ඉන්න පුතා කරන්න පුළුවන් උපරිමේත් කරලා. ඒ අම්මා ආඩම්බර වෙන්න ඕනේ ඒවගේ පුතෙක් හැදුවට.
ඔව් මචං ඒ අම්මට ගොඩක් සතුටු ඇති ඒ වගෙ පුතෙක් හැදුවට.....මම කලින් කිව්ව වගේ අද සමාජයෙ මේ වගේ දරුවො හරි අඩුයි....
Deleteඉතා හොඳ හැගීම් දනවන ලිපියක් ...
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට......ආයෙ එන්න...
Deleteසංවේදියි!!! ඇහැට කඳුලක් ගෙනාවා ඔයාගෙ පෝස්ට් එක..:(
ReplyDeleteඅම්මා කෙනෙක්ගෙ අගය මනින්න බෑ..කවදාවත්ම..
අපි මොනව කරත් අම්ම කෙනෙකුගෙ අගය නිම කරන්න බෑ.......
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි.
DeleteAdai me paththata goda wadune...
ReplyDeleteGodak hithata wadunu post ekak. Ammala daruwo wenuwen nokarana deyak nathi nisa, daruwantath ammala wenuwen onama deyak krnna puluen wenna oone. Ehema krnawa nm mechchara agadayakata yanne na. Aththatama mehema daruwo ratatama adarshayak....
~~**Daga Malla**~~~
සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට....ආදර්ශමත් කතාවක් නිසා තමයි දැම්මෙ....දිගටම එන්න කියලත් ආරාධනා කරනව....
Deleteමෙහෙම පුතෙක් ලබන්න ඒ අම්මත් පින් කරලා ඇති... ඒත් හොඳ රස්සා කරන අම්ම ගැන නොතකන අනිත් දරුවෝ හය දෙනා ගැන බොහොම කණගාටුයි...
ReplyDeleteලොකු වුනාම ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙන්න ඕන නෑනෙ තමන් හදපු දෙමව්පියන්ට සලකන්න.....
ReplyDeleteකාලෙකින් කිසිම සද්දයක් නැති නිසා බලන්න ආවේ.... එතකොටයි මග ඇරුණු පෝස්ටුව දැක්කේ... සනීපෙන් ඉන්නවදෝ???
ReplyDelete