Thursday, January 19, 2012

දු..දු..දු..දු..දු..දු..දුලීකා......


ඔන්න අද ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච රසවත් සිදුවීමක් ලියන්න ඕන කියල හිතුන. හිතහොඳ පිස්ස ගියේ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙටනෙ ගාල්ලෙ අය නම් දන්නවත් ඇති.

මේ සිද්ධිය වුනේ OL කරන කාලෙ හරියටම කිව්වොත් OL විභාගයෙ සෞන්දර්ය විශය තිබ්බ දවසෙ. අපේ පංතියෙ මුස්ලිම් බුවෙක් හිටිය පොර ටිකක් ගොත ගහනව. ඉතින් මෑන් කතා කරන්න ගියාම රස සාගරෙ. පොර නිසා තමයි මේක වුනේ. 

හිතහොඳ පිස්ස තෝර ගත්ත සෞන්දර්ය විශය තමයි පෙරදිග සංගීතය. ඒක ඉතින් තෝර ගන්න හේතු තිබ්බ.

1. මට නටන්න තේරෙන්නෙ නෑ

2. චිත්‍ර අඳින්නත් බෑ

3. බටහිර සංගීතයෙ තිබ්බ ඉංග්‍රීසි කෑලි මට දිරෙව්වෙ නෑ


අපිට විභාගෙ ඉවර වෙලා ඉස්කෝලෙ පහල තිබ්බ ප්‍රාථමික අංශය ගාවට ආව. එතන සිමෙන්ති බංකු එහෙම තියෙනව වාඩි වෙන්න. අපි ඉතින්  ඔතනට ඇවිල්ල පොඩි වාඩියක් දැම්ම. 

අපේ ඉස්කෝලෙ අතුලෙන් තව ගැහැණු දැරිවියොන්ගෙ ඉස්කෝලෙකට යන්නත් පුලුවන්.හැබැයි ඒක නෙවෙයි අපේ girl school එක. අපේ girl school එක මොකක්ද කියල වවුල් බංගලාවල උදවිය දන්නව. හිකිස්. දැන් වෙන කට්ටිය බලයි ඒ මොකක්ද කියල. ඒක ගාල්ලෙ පොඩි සීන් එකක්. 

ඉතින් අපි වාඩි වෙලා හිටපු තැනින් තමයි අර ගැණු ලමයින්ට යන්නත් පාර වටිල තියෙන්නෙ. කට්ටියට කියන්න ඕන නැනෙ අපි එතන වාඩි වෙන්න හේතුව. අපි එක්ක අර මං මුලින් කියපු ගොත ගහන මුස්ලිම් බුවත් හිටිය. අපේ එකෙක් ඈත එන කෙල්ලෙක් පෙන්නල කිව්ව

" මචං අර එන කෙල්ලගෙ නම දුලීකා ඒකි ගැන මගේ හිතේ පොඩි ටින් ටින් එකක් තියෙනව." කියල. 

අපිත් ඉතින් පැනපු ගමන් බලපි කෙල්ල දිහා වරදක් කියන්න නෑ හරි හුරු බුහුටි කෙල්ල. දැන් චුට්ට චුට්ට කෙල්ල තව යාලුවො දෙන්නෙක් එක්ක අපි ඉන්න පැත්තට එනව. 

අපේ එකත් ඉතින් කොන්ඩෙ එහෙම හදල ඉන්න තැනින් නැඟිටල ඉස්සරහට ගියා. කෙල්ල එතනින් යද්දිම අපේ මුස්ලිම් බුවා සින්දුවක් පටන් ගත්ත කියපන්කො. මෙන්න උගේ සින්දුව.

ආදර මල් පවනේ.............
ඈ යන මේ ගමනේ..........
කොහෙදෝ යන්නේ.......
කව්දෝ දන්නේ..............
දු..දු..දු..දු..දු..දු..දුලීකා.......

ඉතින් සින්දුවෙ දුලීකා කියද්දි අර කෙල්ලො ටික හිනා වෙවී දුවල ඉවරයි. ඉතින් අර ට්‍රයි කරපු කොල්ල අරූට කියපු ඒව හිතා ගන්න පුලුවන්නෙ.




30 comments:

  1. අදයි මෙහාට ආවෙ.. මමද ඉස්සෙලාම ආවෙ?? අර මුලින්ම දාල තිබ්බ වීඩියෝ එකනම් පළවෙනි පෝස්ට් එක වොදියට දැම්මෙ අපරාදෙ. ඒක ඇත්තටම මහ විකාරයක්..:/:/

    මේ පෝස්ට් එකනම් මරු.. හික්ස්. මම ගාල්ලෙ නෙවෙයි නිසා මුකුත් දන්නෙ නෑ.. හැබැයි මුස්ලිම් කොල්ලානම් මරු..:D හොඳ වැඩේ කරලා තියෙන්නෙ!!!

    දිගටම ලියන්න සහෝ.. ජය වේවා!! අලුතෙන් පටන්ගත්තු බ්ලොගයක්නෙ.. සින්ඩි වලට ඇඩ් කරන්න. එතකොට ඔයා ලියන එව්වා කියවන්න කට්ටිය හුඟාක් එයි..කලින් පෝස්ට් එක ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ.. එහෙනම් ජය වේවා111

    ReplyDelete
    Replies
    1. ඔබතුමිය තමයි ඉස්සෙල්ලම ආවෙ...ඒක මම දැම්මෙ බුදු දමට නිගරු කරන පිස්සා ගැන පෙන්වන්න.

      මුස්ලිම් බුවා සෑහෙන උදව්වක් කරා කියල අපිටත් තේරුනා ඒ වෙලාවෙ...

      ඔබතුමියගෙ උපදෙස් වලට ගොඩාක් ස්තූතියි....ජය වේවා....!!!

      Delete
    2. word verification අයින් කලොත් කමෙන්ට් කරන අයට ලේසි වෙයි.. ජය !

      Delete
  2. මම දෙකද කොහෙද, සෑම් ගෙ බ්ලොගට ඇවිත් තිබ්බ නිසා හොයාගෙන ආවේ.. නැගල යන්න කියල ප්‍රාර්ථනා කරනවා

    මුස්ලිම් බුවා ඔය සින්දුව කියද්දි පට්ට ආතල් එකක් තියෙන්න ඇති..

    චිත්‍ර ගැන කියපු නිසා මතක් වුනේ, සෑම් චිත්‍රකරපු විදිහ පොස්ට් එකක් ඇති වෙලාවක බලන්න.

    ජය ශ්‍රී කිව්වා.. ! ඉදිරියටත් අපි එනෝ..

    ReplyDelete
    Replies
    1. sAm(සෑම්) - ඔව් ඔයා 2 බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට....

      ලිව්ව වගේ නෙවෙයි බුවා ඒ වෙලාවෙ කියද්දි තිබ්බ රස...

      මං අර කිව්ව පෝස්ට් එක බලන්නම්...ජය වේවා එහෙනම්...!!!!

      Delete
  3. කෙල්ලො ටික දුවපු එක සාධාරණයිනෙ. පල නොකිය පලා බෙදුව වගේ වැඩක්නෙ බුවා කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කෙල්ලො දන්නව නම් බුවා අරහෙම කියනව කියල...අපිව දැක්ක වෙලාවෙ ඉඳලම run එක දෙනවනෙ....:D

      Delete
  4. ඔන්න මමත් ගොඩ උනා මේ පැත්තට.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව ඔබතුමාවත්....ජය වේවා...!!!!

      Delete
  5. හැක හැක හිතා ගන්න පුළුවං :ඩි
    මමත් ආවා ඔන්න

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ... සාදරයෙන් පිලිගන්නව ඔබතුමියත්...ජය වේවා...!!!!

      Delete
  6. Replies
    1. පව් නෑ අනේ...:D ස්තූතියි මේ පැත්තෙ ආවට ඔබතුමියටත්...!!

      Delete
  7. මම සංගීතය හදාරන පෙලබුනේ.

    1;චිත්‍ර අඳින්න තේරෙන්නේ නැහැ.
    2;නටන්නත් බැහැ.
    3;සංගීතය උගන්වන්න ගුරුවරයෙක් නැහැ.

    අදටත් සින්දුවක් කියන්න බැහැ තාලෙකට..

    ReplyDelete
    Replies
    1. අයියෝ ගුරුවරයෙක් හිටිය නම් අද අසරණයත් හොඳ ගායකයෙක් එහෙනම්....ස්තූතියි මේ පැත්තෙ ආවට...ජය වේවා..!!!

      Delete
  8. ඔන්න මමත් ගොඩ වැදුනා..
    ජය වේවා කියල කියන්නම්...!

    උඹ වගේම තමයි මමත් චිත්‍ර තෝර ගත්තේ අනිත් කිසිම දෙයක් බැරි නිසා...:)

    ReplyDelete
    Replies
    1. දැන් බලාගෙන ගියාම හැමෝම එක කෝච්චියෙනෙ....ජය වේවා...!!!

      Delete
  9. මාත් ආවා ඔන්න. මගේ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එකක් පස්සෙන් ආවෙ. ඉස්සර අපේ පන්ති වල කොල්ලො ඔය සින්දුව කියන්නෙ මෙහෙම.

    ආදර මල් පවනේ.............
    ඈ යන මේ ගමනේ..........
    කොහෙදෝ යන්නේ..
    කවුද යකෝ දන්නේ..
    දුලීකා... අඳුරන්නෑ.. දුලීකා...

    ReplyDelete
  10. ඒකත් නරකම නෑ...:D ස්තූතියි ඔබතුමියටත් මේ පැත්තෙ ආවට...ජය වේවා...!!!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පිස්සු පුරවරයට මගෙනුත් සුභ පැතුම්. දිගටම මේ විදියට රස කතා ලියන්න...
    :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට....ආපහු ඇවිල්ල යන්න.....

      Delete
  13. අදමයි ආවේ බලන්න ඕනේ ඔක්කොම හිමීට..ලස්සනට ලියල. මම ආසම සින්දුවක්.මේ විදියත් නරක නෑ ..දිගටම එන්නම්..

    ReplyDelete
    Replies
    1. මම තාම එක පෝස්ට් එකයි දැම්මෙ ඒ නිසා වෙන ඒව බලන්න දෙයක් නෑ...ඔබතුමියත් සාදරයෙන් පිළිගන්නවා....!!!

      Delete
  14. හප්පා පොර පෙරදිග සංගීතේ එන රාග එහෙම කියනකොට ෆුල් සිරා ඇති....!

    හොඳට ලියලා තියෙනවා මල්ලි. දිගටම ලියමු .....! ජය වේවා !!

    ReplyDelete
  15. ඌ රාග කියද්දි වටේ පිටේ උන් කනේ ඇඟිලි ගහගන්නව....මාත් ඒ පැත්තෙ ඇවිල්ල නියම කතා ටිකක් කියෙව්ව...ජය වේවා...!!!!!

    ReplyDelete
  16. හයියෝ... බ්ලොග් ලෝකෙ තව පිස්සෙක් ඉන්නව නේද.... ඒ පිස්සයි මේ පිස්සයි මට ටැපලිලානෙ.... මං හිතුවෙ මේ පිස්සො දෙන්නම එකෙක් කියලනෙ.... ඔන්න අහම්බෙන් වගේ මාත් කඩාපාත් උනා මේ පැත්තට.... මගේ බ්ලොග් එකත් පටන් අරන් වැඩි කාලයක් නෑ..... ඇවිල්ල, කමෙන්ට් දාල අපිත් සපෝට් එකක් දෙන්නම්.... මුලදි නම් කමෙන්ට් අඩුවෙයි... ඒක ගණන් ගන්න එපා... පස්සෙ ටික ටික වැඩි වෙන්න ගනීවි....

    ජය වේවා...!!

    ReplyDelete
  17. ඒකනෙ පිස්සො ගොඩයි.....දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි....සාදරයෙන් පිලිගන්නව පිස්සු පුරවරයට....ජය වේවා....!!!!

    ReplyDelete
  18. අඩේ උබ මේ අපේ ඉස්කෝලෙ එකෙක්ද ?? ඇයි බන් අපේ ඉස්කෝලෙ එව්වොන්ට පිස්සුද ??? එල එල... සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. අඩේ ඔය ඉන්නෙ පිස්සු ඉස්කෝලෙ තව පිස්සෙක් එළම තමා.......:D

      Delete

වටිනා කාලය වැය කරමින් මෙහි පැමිණියාට ගොඩක් තුති...!!!