පිස්සාගේ තවත් පාසල් රස කතාවක් කියන්න තමයි මේ හදන්නෙ. OL කරද්දි 10 වසරෙ හිටිය පන්තියම තමයි 11ට දැම්මෙත් පංති භාර ගුරුවරයත් වෙනස් වුණේ නෑ. පිස්සල 10 වසරෙ ඉන්න පන්තිය ජනප්‍රිය වෙලා තිබ්බෙ "වලේ පන්තිය" විදියට.
පිස්සලගෙ 10 වසරෙ තිබ්බ පන්ති 8න් ගන්නම දෙයක් නැති පන්තිය තමයි පිස්සලගෙ වලේ පන්තිය. පිස්සලගෙ පන්තිය තිබ්බෙ කඳු ගැටේක නිසා සමහර ගොඩනැඟිලි නිර්මාණය වෙලා තියෙන්නෙ භූමියේ පිහිටීම අනුව.
අන්න ඒ වගේ නිර්මාණය කරපු ගොඩනැඟිල්ලක පහලම තට්ටුවෙ තමයි පන්තිය තිබ්බෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනව ඇතිනෙ නම වැටෙන්න හේතුව. ඉතින් පන්තිය වටේ තියෙන ජනෙල් වලින් අවට පරිසරයෙ සිරි නරඹද්දි පේන්න තියෙන්නෙ ගස් කොළනුයි බොහොම පොඩියට පේන රේල් පාරයි විතරයි.
පිස්සලගෙ ඉස්කෝලෙ ඇතුලෙන් සහෝදර බාලිකාවකට යන පාර තිබ්බ නිසා ඒ පාරෙ යන කෙල්ලො බලන්න හැකියාවක් පිස්සලගෙ පන්තියෙ කොල්ලොන්ට තිබ්බෙ නෑ. ඉතින් උදේ පාන්දර ඉස්කෝලෙ එන කට්ටිය එක්ක එකතු වෙලා ඒ පාරෙ යන කෙල්ලොන්ට විහිලු කරනව.
ඔය කිව්වට ඉතින් විනාඩි 15ට විතර පාරක් තමයි එහෙමවත් ලස්සනයි කියල කෙල්ලෙක් යන්නෙ ඒ පාරෙ. ඉතින් පාසල් ආරම්භ වෙන්න බෙල් එක ගැහුවම පිස්සල පන්තියට යනව. අනික් පන්ති වල උන්ට පන්තියෙ හිටියත් පාරෙ යන කෙල්ලො බලන්න හැකියාව තිබ්බ.
ඒත් ගොඩනැඟිල්ල හරිම අසාධාරණ විදියට නිර්මාණය වෙලා තිබ්බ නිසා අපි උදේ වරුවෙ විතරක් නරඹන ජවනිකා වලින් සෑහීමකට පත් වෙනව. හැබැයි මේ පිහිටීම වැස්ස දවසට පුදුම උපකාරයක් වුණා. මොකද කියනව නම් වැහල වැහල කන්ද දිගේ ගලාගෙන එන වතුරපාරක් පිස්සලගෙ පන්තියට බහින පඩිපෙළ ගාවින් ඇවිල්ල වැටෙනව.
හදිසියෙවත් ඉස්කෝලෙ පටන් ගන්න ඉස්සෙල්ල වහිනව නම් පිස්ස ඇතුලු පන්තියෙ ක්‍රියාකාරී සාමාජික පිරිස බාස්කට් අරන් ඇවිල්ල ඒ වැටෙන වතුර එකතු කරල පන්තියට දානව. එහෙම පන්තිය ඇතුලට වතුර දාන එක බෙල් එක ගහනකම් නොනවත්වාම සිදු කරනව.
පන්තිභාර මිස් එනවද කියල බලන්න උඩ කොල්ලො ටිකක් තියල තමයි මේ වැඩේ කරන්නෙ. ශිෂ්‍ය නායකයෙක් එනව නම් වැඩේ තාවකාලිකව අත් හිටුවනව. මිස් එනව නම් වැඩේ නතර කරනව. කොහොම හරි නොසැලකිය හැකි වතුර පාරක් ආධාරයෙන් සැලකිය යුතු තත්වෙකට පන්තිය පත් කරගන්නව.
ඊට පස්සෙ මිසුත් ආවම වැස්සට බැන බැන කොල්ලො ටික පන්තිය සුද්ද කරන්න ගන්නව. මිසුත් පන්තිය සුද්ද කරල ඉවර වුනාම කියන්න කියල ස්ටාෆ් රූම් එකට යනව. ඊට පස්සෙ තමයි අපේ ආතල් පටන් ගන්නෙ. ඩෙස් හෝදනවයි පුටු හෝදනවයි එක කෙළියයි පන්තිය ඇතුලෙ.
මේ හැමදේම සිද්ධ කරන්නෙ උඩ ඔත්තු බලන්න කොල්ලෙක් තියල තමයි. සර් කෙනෙක් පන්තිය පැත්තට එනව නම් බොහොම උනන්දුවෙන් පන්තිය සුද්ද කරනව. කොහොම හරි පන්තිය හෝදන්න වතුර අරන් එන තැනට යන්න ටික දුරක් යන්න තියෙනව. වතුර ගේන්න 3ක් යනව.
ඒකට කොල්ලො මාරුවෙන් මාරුවට තමයි යන්නෙ. කොහොම හරි පිස්ස ඇතුලු තව කොල්ලො 2ක්ගෙ වාරෙත් ආව. දැන් අපි 3නා කයියක් දාගෙන ටැප් එක පැත්තට යද්දි පට්ට ලස්සන අක්ක කෙනෙක් අර සහෝදර බාලිකා පාසලට යන්න එනව පිස්සගෙ ඇස් 2ට ඈත තියාම දැක ගන්න පුලුවන් වුනා.
ඉස්කෝලෙන් අස්වුන අලුත වගේ අක්ක කෙනෙක් කියල අපිට නිගමනයකට එන්න පුලුවන් වුනේ පිස්ස එක්ක ගියපු එක යාලුවෙක් දුන්න තොරතුරකට අනුව. මොක්කුද 3නා වගේ ඒ අක්කගේ සිරියත් නරඹල බාස්කට් වලට වතුර පුරවගෙන පන්තිය පැත්තට ආව.
කොහොමහරි ඔන්න පිස්ස එක්ක වතුර අරන් එන්න ගියපු යාලුවෙක්ටත් ඔත්තු බලන වාරෙ ආව. අපි පොරට කිව්වෙ රත්නෙ කියල. රත්නෙ එක පාරටම උඩ ඉදගෙන පිස්සයි වතුර ගේන්න ගියපු අනික් එකාගෙයි නම් කියල කෑගහල මෙන්න මෙහෙම කිව්ව.
" ඒ මෙන්න බං අර කෑල්ල ආපහු එනෝ........"
අපි 2ත් පඩිපෙල ගාව කයියක් දාගෙන පොඩි අයිස් පාරක් දාපු නිසා ඕක ඇහුනා. පන්තියෙ උන් ටික ඇතුලෙ හිටිය නිසා උන්ට ඒක ඇහුනෙ නෑ. ඕක අහල අපි 2ත් උඩට දුවගෙන ගියා. එතකොටම මෙන්න බොලේ අර අක්කත් වන වන ගියා එතනින්. ඊට සුලු මොහොතකට පස්සෙ මගෙයි රත්නෙගෙයි අනිත් එකාගෙයි නම් කියල එහා පන්තියෙ සර් අඬගහනව අපි 3ට.වෙන කවුරුත් නෙවෙයි අපිට ගණන් උගන්නන ප්‍රියන්ත සර්. සර්ට වැඩේ මාට්ටු.
අපි 2ත් ඉබි ගමනින් සර් ඉන්න තැනට ගියා. ඒ පන්තියෙ කොල්ලොන්ට හිනා.
"නැට්ටට කිරි එරෙන්න ඉස්සෙල්ල මදන විසේ ගැහුවද ඕයි........"
චටස් පටස් චටස් පටස් 3ටම කම්බුල් පාරවල් 2 බැගින් දුන්න. ඊළඟ විධානය දණ ගහන්න ලැබුන.