මේ කියන සිදුවීමත් OL කාලෙ වෙච්ච දෙයක්. OL කරද්දි මම අපේ ගෙවල් ගාව ගණිතය පංතියකට ගියා. ඒකට මාත් එක්ක තව යාලුවෙකුත් ගියා.
අපි 2 විතරයි කොල්ලො 2ට හිටියෙ. කෙල්ලො 6ක් හිටියා. ඒ ඔක්කොම පංති කරපු මිස්ගෙ ඉස්කෝලෙ උදවිය. මිස්ට පුතෙක් හිටිය අවුරුදු 5ක විතර ඌ කරොත් කරේ ඇට්ටර වැඩක්ම තමයි.
එදා පංති ගියපු දවසෙ බුවා වතුර විදින තුවක්කුවක් අරගෙන මෙලෝ සිහියක් නැතුව වතුර විදිනව. මූ ඒකත් අරගෙන බල්ල ඉන්න කූඩුව ගාවට ගිහින් බල්ලට වතුර විදිනව ඌ ඔරොප්පු වෙලා බෙරිහන් දෙන්න ගත්තම මිස් කියල දෙන ගානක් ඇහෙන්නෙත් නෑ.
මිස් කොච්චර එපා කිව්වත් මිනිහ නෙවෙයි කනකට ගන්නෙ. කොහොම හරි මෑන්ට වැඩේ එපා වෙලා ඒක නතර කරා. මිසුත් අපිට ගණං වගයක් හදන්න දීල ගේ ඇතුලට ගියා. එදා මමයි මගේ යාලුවයි පංතියට අතුල් වෙද්දි කෙල්ලො ටික අපි 2ට කින්ඩියට වගේ හිනා වුනා.
අපි 2ට සීන් එක හිතා ගන්න බැරි වුනා ඒත් අපි 2නා උන්ට කියවන්න ගියේ නෑ. අපි ලැජ්ජ බයට හැදුන කොල්ලොනෙ ඉතින්. දැන් ඉතින් ඒ තරහ නැති කර ගන්නත් විදියක් තියෙන්න ඕනනෙ. මට මතක් වුන පොඩි එකාගෙ වතුර විදින තුවක්කුව.
මම යාලුවටත් කිව්ව අපි පොඩි එකාට කියල කෙල්ලොන්ට වතුර ගහමු කියල. මම පොඩි එකාට කතා කරල වැඩේ කිව්ව බුවාගෙ කට කනේ. අපි 2න වාඩි වෙන්නෙ කෙල්ලොන්ගෙ පිටි පස්සෙ නිසා උන්ට අපි කරන එවා පේන්නෙ නෑ.
මේක වතුර පුරවගෙන ඇවිත් මෙලෝ සිහියක් නැතුව වතුර විදින්න ගත්ත. කෙල්ලොන්ගෙ කෑගැහිල්ල දැකල අපි 2ටත් හෙන ආතල්. කෙල්ලොන්ගෙ සද්දෙ මිස්ට ඇහිල මිසුත් ආවා.
මිස් මුගේ තුවක්කුව ගන්න ආව. එතකොටම පොඩි එකා දුවගෙන අපි 2න ගාවට ඇවිල්ල
"අයියෙ ඒ වතුර ටික ඉවරයි.....ආපහු පුරවන් ඇවිල්ල වෙඩි තියන්නද?"
කියල ඇහුව. මිස් එක්කම කෙල්ලො 6 දෙනා එක පාරටම බැලුවෙ නැතෑ අපි 2නගෙ මූණු දිහා. අපි 2න ඉතින්......................................................
පොඩිවුන් එක්ක ඉතින් ඕවා කරන්න ගියාම ඔහොම තමයි.හොඳ වැඩේ උඹලට.
ReplyDeleteඅපොයි කව්ද හිතුවෙ ඔහොම දෙයක් වේවි කියල.....
Deleteඋඹලම වතුර විදලා හිටියනම් ඉවරයි.. පොඩි එවුන් එක්ක ඔය වගේ දේවල් කරනාවා කියන්නේ ඉතින් ලෙඩක්ම තමා.
ReplyDeleteපොඩි එකා තිව්ව කෝමත් හොඳ වෙඩිල්ලක් අපිට......
Deleteහිකිස්....හොඳ වැඩේ....:P
ReplyDeleteහොඳ වැඩේ කියන්නෙ පව් නැද්ද අපි.......:(
Deleteඋඹලත් ගස් යන වැඩනේ බං කරලා තියෙන්නේ
ReplyDeleteඔය පොඩි එව්වෝ කියන ජාතිය එක්ක එකතුවෙලා ඔය වගේ වැඩක් කරලා නෝන්ඩි නොවී ඉන්න ලැබෙන්නේ ඉතින් හාවා හඳ දකිනවා වගේ තමයි
ඒ වෙලාවෙ ඇත්තටම ඔහොම දෙයක් වේවි කියල හිතුනෙ නෑනෙ.....
Deleteගෑණු ළමයින්ට ඔහොම කරන්න ගියහම ඔවා වෙනව තමයි.
ReplyDelete:D
ඇයි ගෑණු ළමයි දෙවියොද....අපිට දඩුවම් කරන්න....
Delete//"අයියෙ ඒ වතුර ටික ඉවරයි.....ආපහු පුරවන් ඇවිල්ල වෙඩි තියන්නද?"//
ReplyDeleteඇයි අර අක්කල කිව්වද එහෙම කරන්න කියල ? ඇහුව නං ආපහු කරකවන්න තිබ්බනෙ
ඔබා මාම මඟුලක් කියනව....උන් කියෙව්ව ඕකට කෝමත් මාසයක් විතර යනකම්....
Deleteක්ලාස් එක එදායින් ඉවරද බං...
ReplyDeleteකෙල්ලන්ගේ ගෝරනාඩු අස්සේ අපි බලුවෙමින් පංති ගියෙමු.....ස්තූතියි මාලුවෝ මේ දිහාවෙ ආවට......
ReplyDelete"අපි දෙන්න ඉතින්...ගලේ රීපු මොක්කුද වගේ මෝඩ හිනාවක් දැම්ම මිස්ටයි කෙල්ලො ටිකටයි..."
ReplyDeleteඔන්න මං හිස් තැන් සම්පූර්ණ කළා.... හරිනෙ දැන්... ;D
ඔයත් ඒ පන්තියටද ආවෙ......:D
Deleteනියම කොල්ලො දෙන්නෙක්නෙ :)
ReplyDeleteඑකෙන්ම........:)
Deleteහොද වැඩේ උබලා දෙන්නට ..කෙල්ලොන්ට විහිළු කරන්න යනවට :P
ReplyDeleteඋන් මක්කටෙයි අපිට හිනා වුනේ..හ........ස්තූතියි මේ පැත්තෙ ආවට සහෝ...ජය වේවා...!!!!!
Deleteපොඩි එවුන්ව ඕ වගේ වැඩ වලට ගාව ගත්තම ඔහොම තමා !!!!
ReplyDeleteවෙඩි කෑවා වගේ තමා. හික්ස් :)
මේ මගේ පලමු පැමිනීමයි !
අනේද කියන්නෙ.....පිළිගන්නව සාදරයෙන්.....දිගටම ඇවිල්ල යන්න...ජය වේවා...!!!
ReplyDeleteඅඩේ මට ප්‍රියන්ති මිස්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක මතක් උනා.. අපෝ මිස්ටත් හිටිය පොඩි එකෙක් ඒක ට තිබ්බ විසයක්... ඌට අපි හෙන බයයි ඒ කාලේ...
ReplyDeleteබුදු අම්මෝ උන් 2නා යෝධ බබාල වගේ....ලොකු පුතා නම් ක්‍රිකටුත් ගහනව...අයියල යන කාලෙත් මිස් පන්තියෙ නිදිකිරා වැටුනද?
Delete