කට්ටිය බලාවි අනේ හත්තිලව්වෙ ඒ මොකක්ද ඒ වින්නැහිය කියල. අපේ ජාතික ක්‍රීඩාව නොවුනට ක්‍රිකට් අපේ කට්ටියගෙ බොක්කට වැදුන ක්‍රීඩාවක්නෙ.හැම අවුරුද්දකම මාර්තු කියන්නෙ ලංකාවෙ බොහොමයක් පාසැල් වල ක්‍රිකට් වසන්තෙ ලබන කාලෙ නොවැ.
අපේ බ්ලොග් ලියන කට්ටියත් ඕවට සූදානම් වෙනව ඇතිනෙ.රටවල් වල ඉන්න උදවිය නම් දුක් වෙනවත් ඇති.ඕකෙ වෙන සිද්ධි ලියන්න ගියොත් මට මාසයක් විතර ඒව ලියන්න වෙන නිසා මේ කතාව පටං ගන්නම්.අර මම මුලින් සඳහන් කරපු ආදරවන්තයන්ගෙ සටන කිව්වෙ ගාල්ලෙ ප්‍රධාන බාලක පාසල් 2ක් අතරෙ වාර්ෂිකව පවත්වන සුහද ක්‍රිකට් තරඟයට.
නම් වලින් කිව්වොත් රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර තමයි මේක පැවැත්වෙන්නෙ.මේ සැරේ පවත්වන්නෙ කීවෙනි එකද කියල නම් පිස්සට මතක නෑ.ඕක තියන්න ඉස්සෙල්ල කෙරෙන වැඩ රාජකාරි බොහොමයක් තියෙනව.
මේ පෝස්ට් එකෙන් කියන්නෙ පළමු රාජකාරිය ගැන.ඉතිරි ඒව ගැනත් ලියන්න පිස්ස බලාපොරොත්තු වෙනව හැබැයි අද නෙවෙයි හොඳේ.ඉස්සෙල්ලම ඉතින් සුන්දර ගාලු නගරෙ පාසල් 2ම කොඩිය දානව. ඕකට කියන්නෙ 1st Flag කියල.මේ වැඩේට සහභාගි වෙන්නෙ පාසලේ ඉන්න ශිෂ්‍ය නායකයො ටික.
පිස්සගෙ ඉස්කෝලෙ ඔය කටයුත්ත සිද්ධ වුනේ ගිය 9දා, මහින්දෙ 8දා.9දා අපේ උන් මොන ලෝකෙ හිටියත් ඔය වැඩේට සෙට් වෙනව.පිස්සටත් හතරවටින් කෝල් එනව යන්නෙ කීයටද අහල.පිස්සත් කට්ටිය එක්ක කතා කරගෙන හරියටම හවස් යාමෙ 5ට ගාලු නගරෙට සැපත් වුනා.පිස්ස දැක්කෙ ඔන්න ඕව තමයි.
![]() |
ලේසි නෑ වැඩේ පේනවනෙ කන කට්ට....... |
![]() |
කට්ටිය නොඉවසිල්ලෙන්..... |
![]() |
![]() |
හුරේ ජය වේවා.....!!! |
![]() |
කොහොමද බැබලි බැබලි තියෙන හැටි....... |
![]() |
ගිණිකෙළිත් තිබුන බොල.... |
![]() |
අර ඈත නටන පිස්සව දැක්කද? |
![]() | |||
ආදර්ශමත් පාසලක ආදර්ශමත් කොල්ලො........කාටද ආඩම්බර....... |
පිංතූර ඉල්ල ගත්තෙ පිස්සගෙ යාලුවෙක්ගෙන්. ඔක්කොම දාන එක හරි නෑනෙ. ඊළඟ පැවැත්වෙන කටයුත්තත් මේ විදියටම පෝස්ට් එකකින් දාන්නම්.
පිස්සාගේ පින්තුරයක් දැම්මොත් නරකද?
ReplyDeleteපිස්සගෙ පින්තූරෙ දැම්මොත් කට්ටියට පිස්සු හැදෙනව නොවැ......
Deletepuhhh!!!
Deleteමොකෝ පුහ් ගාන්නෙ......
Deleteමම මේ මෙහෙම කේස් එකක් දැක්කමයි මොනා උනත් අතුගාන වැඩේ නම් එල ඈ....අර කට්ටිය පොර කකා නගින්නේ කොඩිය හයි කරන්නද?? ඇයි ඕක හිටවද්දි හයි නොකරන්නේ එහෙම නම්
ReplyDeleteගැමියලගෙ පැත්තෙ නැද්ද ඔහොම සීන්.ඒකනෙ පිස්සු නැටුව වගේ නෙවෙයි එතන පිරිසිදු කරන්නත් දැනගන්න ඕනනෙ.
Deleteකට්ටිය පොරකන්නෙ ලයිට් කණුවෙ උණ බටේ ගැට ගහන්න.හිටවද්දි කොඩිය ගැට ගහල නූලකින් සම්බන්ධ කරල තියෙන්නෙ කට්ටිය ඒක හිටවල පහලට ඇවිල්ල අර නූල අදිනව ඔය පින්තූර වල තියෙන්නෙ පේන්නෙ නැද්ද ගැමියො.
අර අතුගාන මල්ලි නම් හරිම හොඳයි..පිස්සා උදව් උනේ නැද්ද...
ReplyDeleteඕව කරන්නෙත් ශිෂ්‍ය නායකයොනෙ අක්කෙ පිස්ස කරේ කට්ටිය එක්ක නැටුව එක තමා.
Deleteඑල එල.. අර ඈත නටන පිස්සව හොයන්න ගියොත් අපිට පිස්සු හැදෙනවා..
ReplyDeleteඅනේ දිනේශ් අයිය පිස්සු නම් හදා ගන්න එපා. තව අවුරුදු 3යි තියෙන්නෙ. :P
Deleteහිකිස්....
Deleteපිස්සගෙ ෆොටෝ එකකුත් දැම්මනම් ඇත්තටම වටිනව.....
ReplyDeleteමේ හොඳට ඉන්න නිසපු නංගි පිස්සන් කොටුවට යවන්නද මට කියන්නෙ.
Deleteඅයියෝ අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ අනේ කොහොමත් මට පිස්සුනෙ....
Deleteඅඩේ මේ ඉන්නෙ තව පිස්සියෙක් එළම තමා.....:D
Deleteපිස්සු කොර!
ReplyDeleteපිස්සු කොර වෙලා ආපහු කොර වෙනව රාජ් අයියත් ආව නම්.
Deleteහැමෝම හොදට විනෝදවෙලා වගේ...
ReplyDelete:)
නැතුව නැතුව.....:D
Deleteකවදද බොල බිග් මැච් එක....?
ReplyDeleteඅනේ මන්ද බීටා මලේ මාර්තු 2,3 කිව්ව. ඒක කල් ගිය කියලත් ආරන්චියි.ඕක ගහන දවසක යනව ඉතින් බලන්න ඒ මදැයි.
Deleteආ...ආදරවන්තයින්ගෙ සටන..:D කට්ටිය හොදට ආදරේ කරනවද එදාට??? හික්ස්ස්..
ReplyDeleteනියමයි!!! ඒත් ඈත නටන පිස්සාව හොයන්න ගිහින් අපිට පිස්සු හැදෙයි..:D
එදාට මේ අපි ගහගන්න........ආයෙ ඉතින් පිස්සුවක් ඇතෑ....අනේ හිතුවක්කාරි නම් පිස්සු හදා ගන්නව එහෙම නොවෙයි ඕං......
Deleteකොහොමත් පිස්සු බව දැන් හැමෝම වගේ දාන්න නිසා පින්තූරයක් දැක්ක කියල අමුතු වෙනසක් වෙන එකක් නෑ අනේ ඔන්න ඔහේ දාන්න පින්තූරයක්... :)))
ReplyDeleteඔන්න ඔහේ මක්කටෙයි දැම්ම කියලත් නේ......කෝමත් පිස්ස විදියටම ඉන්නව....:)))
Deleteකොල්ලෝ කාලේ පිස්සු වැඩ නොකලොත් ලොකු වෙනකොට පික්සු හැදෙනවා !
ReplyDeleteඅර කියනවා වගෙ පිස්සගේ පින්තූරයකුත් දැම්මා නම් හරි ..
අන්න ඒකනෙ සඳරු අයියෙ...මේ කාලෙ නොකර ආයෙ කවද පිස්සු කෙලින්නද අප්ප....සාදරයෙන් පිළිගන්නව එහෙනම් පිස්සු පුරවරයට.
Deleteඔව් ඉතින් අන්තිමට පාර අතුගවේ නැත්තම් නගරසබාවෙන් බනුම්නේ :ඩි
ReplyDeleteඔන්න කිව්ව ඉතින් කතාවක්........
Deleteඅලේ.. පිස්සා අපේ සහෝදර බාලක පාසලේ නොවෑ..හී හී... මරු මරු
ReplyDeleteතම්බ්ස් අප් හොඳේ....
Deletethiyenne 107 weni match eka aiye :D :D :D
ReplyDeleteටැන්කූ මල්ලියෝ....:D
Deleteඉරිසියයි යකෝ...
ReplyDeleteමොනා කරන්නද අප්ප මේව බලල සැනසෙන්න සුදූ.......:))))
Delete