කාලෙකින් දාන්න දෙයක් ලැබුනෙ නැති නිසා ඊයෙ හොඳ එකක් ලැබුන දාන්න. ඊයෙ රෑ 8 ඉඳල පිස්සලගෙ ඉස්කෝලෙ උදවිය ලේ රත් කරගෙන ඉන්නෙ.මොකද ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ දවසේ වැරැද්දට පාදක වුන සිදුවීම පිස්සලගෙ ඉස්කෝලෙට සම්බන්ධ නිසා.
බීමතින් හැසිරුන පුද්ගලයෙක් ගාලු ක්‍රීඩාංගනයේ තාප්පෙට සවි කරපු යකඩ කූරු නවන දර්ශනයක් තමයි ඊයේ දවසේ වැරැද්ද. මාර්තු කියන්නෙ ලංකාවෙ ගොඩක් පාසල් වල බිග් මැච් ගහන කාලෙ.
ගොඩක් පාසල් වල ආදි ශිෂ්‍යයො ඔය මැච් එක බලන්න එන්නෙ පොඩ්ඩක් සෙට් වෙලා. ඔවුන් එමඟින් පාසල් යන ළමයින්ට වැරදි ආදර්ශයකුත් දෙනව. ඊයෙ පිස්සලගෙ පාසලෙ ආදි ශිෂ්‍යයත් කරපු වැරැද්ද නිවැරදි කිරීමේ කිසිම අවශ්‍යතාවයක් අපේ පාසලට නෑ.
ඒත් ස්වර්ණවාහිනිය ඒ පුවත ප්‍රචාරය කරපු විදිය ගැන නම් කිසි සේත් සෑහීමකට පත් වෙන්න බෑ. ඊට වඩා බොහෝ වැරදි සිදුවීම් මේ කාලෙ සිද්ධ වුනා. උදාහරනයක් වශයෙන් කොළඹ ප්‍රධාන පාසල් වල සිසුන් බාලිකා පාසල් වලට පැනල කරපු සෙල්ලම් පෙන්වා දෙන්න පුලුවන්.
නමුත් මේ සිද්ධියම දාන්න තරම් හේතු වෙච්ච කාරනේ හිතාගන්න අමාරුයි. ස්වර්ණවාහිනියට news හොයාගන්න බැරි තරම්ම බන්කොලොත් වෙච්ච ස්වභාවයක් තමයි මේ මඟින් ගොඩක් දුරට පැහැදිලි වෙන්නෙ. අනික ඒ වෙලාවෙ පිස්සලගෙ පාසලේ ධජයත් නමත් 2ම කියමින් තමයි එම පුවත විකාශනය කරේ.
අඩුමතරමින් ගාල්ලෙ ප්‍රධාන පාසලක කියල කිව්ව නම් කමක් නෑ. ලංකාවෙ 8ට ගොඩක් මිනිස්සු බලලන්නෙ ස්වර්ණවාහිනියෙ පුවත් ඒ නිසා මීට වඩා වගකීමකින් මේ පුවත් විකාශනය වෙනව නම් හොඳයි කියල තමයි අපි කාටත් හිතෙන්නෙ.
අනික මේ සිදුවීමට පස්සෙ පාසල් 2 අතර යම්කිසි නොහොඳ නෝක්කාඩුකම් ඇති වුනොත් ඔය පුවත් විකාශනය කරපු මහත්වරු ඒ වගකීම භාරගන්නෙ නෑ. ලංකාවෙ මාධ්‍ය සදාචාරය හොඳටම පිරිහිලා කියන එක දැන් කාටකාටත් තේරුම් ගිහින් තියෙන කරුනක්.
ඔය තියෙන්නෙත් ඉතින් දවසේ වැරදි තමයි.
මාත් මේ කේස් එක දැක්කා සිරාවටම ඒක කියපු විදියටනම් ඒක කරපු ආදි ශිෂ්‍යයට පාරේ බැහැලා යන්න බැරිව ඇත්තේ...මොනා උනත් එයා කරපු දේ වැරදියි පොදු දේපලනේ විනාස වෙන්නේ....පාසලේ නම කියපු එක වැරදියි මෙහෙම දෙයක් අපේ ඉස්කෝලෙකට කිව්වත් අපිට තද වෙන ඒක සාධාරණයි....කොළඹ ඉස්කෝල වල වැරදි කියන්නේ කොහොමද එතන කට්ටියගේ ලමයි බහුතරයක් ඒ පාසල්වලනේ....කොටින්ම අයිතිකාරයාගේ නෑදෑයොන්ගේ ලමයිනුත්...
ReplyDeleteඒක තමා ගැමි මලේ වැරැද්දක් පෙන්වල දෙන ස්වභාවයක් තියෙනව.....මේකනෙ මලේ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ......
Deleteඒ ඒකඩ හලේ ඔයා අර උඩේ පාන්ඩර සෝම ඇන්ටිව මතක් කරල ටිබුනෙ ෆේස් බුක් එකේ.....;)
ReplyDeleteමං සිද්ධියනම් ඩන්නෙ නෑ...ඒට් වැඩේ වරඩී.....:/
අනේ ඔව් නඟේ ඉස්කෝලෙ කොල්ලො හුරේ දාල සෝම ඇන්ටි මතක් කරනව....:))))
Deleteඒක පෙන්නපු විදිය තමා වැරදි.....:/
මේ ෆොටෝ ඒක දැක්කම මතක වෙන්නෙ අර ඇහේ පරාල කතාව.එයාල අනිත් අයගෙත් වැරදි දානවනම් එයාලත් ඒවායින් පරිස්සම් වෙන්න ඕන.ඕකෙන් හොඳක් වගේම තව පැත්තකින් වැරැද්දකුත් වෙන වෙලාවක් වෙනවා කියල මේකෙන් දකින්න පුළුවන් වුනේ.එයාල හොයාගත්තු කරුණ මොකක් වුනත් ඉදිරිපත්කරන තොරතුරු ගැන මිඉට වඩා සැලකිලිමත් වෙන්න ඕන අයියේ...
ReplyDeleteඅනිවා රටක් බලාගෙන ඉන්නෙ.......මම නම් ඔය දවසේ වැරැද්ද වැඩසටහනට පුද්ගලිකව අකමැතියි.
Deleteමේ ෆොටෝ වල තියෙන දේ දවසේ වැරැද්දක් වෙන්නේ කොහොමද? ස්වර්ණවාහිණියට පාරවල් ලියල දීලනෙ තියෙන්නෙ...
ReplyDeleteදැනට නම් පාරවල් විතරයි.....ඉස්සරහට තව මොනව දේවිද දන්නෙ නෑ.....බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට....
Deleteමාත් මේ ගෑන ලිපියක් ලියන්න ඔන කියලා හිතාගෙන ජංජාලෙට ගොඩ වුනු ගමන් මේ ලිපිය දෑක්කේ,මම මහින්දේ ආදි ශිශ්ශයෙක්,රිච්මන්ඩ් හෝ මහින්ද වේවා ආදරවන්තයින්ගේ සටන කියන්නේ අපි දෙගොල්ලොන්ගෙම උරුමයක්,මේ පුද්ගලා කරන වෑඩේ නම් වෑරදී නමුත් ලංකාවේ වෙන වෑරදි එක්ක මේක මොකද්ද, ලංකාවේ ගහන අනික් බිග් මෑච්වලට එන අය බොන් නෑතුව වෙන්න ඇති එන්නේ,මේක තනිකරම හිතාමතා වසර 107 පෑරනි අපේ බිග් මෑච් එකට කරපු මඩ ගෑසීමක්,
ReplyDeleteස්වර්නවාහිනිය කියන්නේ කිසිම සදාචාරයක් නෑති මාදය ආයතනයක්,සල්ලි දුන්නොත් ඔනම කුනු හරුපයක් දාන්න පුලුවන්,හොදම උදාහරනය මීට සති කීහිපයකට කලින් ගියපු බෑලුම් ගල වෑඩසටහනේ ගියා,මේ වගේ කිසිම හරයක් නෑති පහත් වෑඩ වලින් පේන්නේ ඔවුන්ගේ බන්කොලොත් බාවයමයි...ආදවන්තයින් ගේ සටන තව දිගුලක් දිනේවා ..!!!!!!
ඔව් මීට කලින් මෙවැනි සිදුවීම් වෙලා නෑ. වසර 107ක ඉතිහාසයක් එක්ක බලද්දි මේ බොහොම සුලු සිදුවීමක් විතරයි.ඒ අතින් අපි දෙරණ සහ රුහුණු ගුවන් විදුලියටත් අවංකවම ස්තූතිය පුද කරන්න ඕන.මේ සිදුවීම් සම්බන්ධයෙන් පාසල් 2ම අදාළ බළධාරීන් කටයුතු කරොත් හොඳයි.ආදරවන්තයන්ගේ සටන සදාකල් වැජඹේවා.....!!!!!!
Deleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට......
මමත් ඊයේ ඔය සිද්ධිය දැක්කා.ඇත්තටම හරිම වැරදි.තනි පුද්ගලයකුගෙ ක්‍රියාවට ඉස්කෝලේ සමස්ථ ප්‍රජාවම හෑවිලා යන්න තමා ඒ නිව්ස් එක පෙන්නුවේ.අඩු ගානේ ඉස්කෝලේ කොඩි,ක්‍රෙස්ට් එක පෙන්නන් නැතුව ඒ වැරද්ද විතරක් පෙන්නන්න තිබ්බ ඔච්චරටම ඇඟේ අමාරුනම්.නමුත් ඒ පුද්ගලයට වෙච්ච හානියට වඩා අහක තිබ්බ ඉස්කෝලෙට උනු හානිය වැඩි.අහක යන එකෙක් කල වරදට,මුළු ඉස්කෝලෙම නම කෑවා ස්වර්ණවාහිණි උන් ටික.
ReplyDelete~ආදී~
ඔව් ඒක තමයි අයියෙ ඒක පෙනවන ස්වභාවයක් තියෙනව....ස්වර්ණවාහිනිය තනිකරම මාධ්‍ය නීති උල්ලංඝනය කරා ඒ වෙලාවෙ.
Deleteඔය වාහිණියේ උන්ට ඕනේ පු** පෙන්නන්න තියනව නම් එච්චරයි.
ReplyDeleteඅම්මප බං බීටො උන්ට ඔය වගේ මෝඩ චූන් එකක් ගන්න තියෙනව නම් ඒ ඇති.....
Deleteකරපු වැඩේ වැරදියි. ඒකෙ දෙකක් නෑ. ඒක පෙන්නුව කියලත් වැරැද්දක් කියන්න බෑ. මොකද කරන්න හොදනම් පෙන්නුවම මොකද වෙන්නෙ. හැබැයි සෝමවාහිනිය දවසේ වැරැද්දට අල්ලගන්නෙ බොහොම පොඩි එවුන්ගෙ වැරදි. ලොකු ලොක්කො වාහන පිරිවරාගෙන යන්නෙ මාර්ග නීති ඔක්කොම බල්ලට දාල. මේ ගොල්ල ඒව පෙන්නන්නෙ නෑ කවදාවත්. දුප්පත් මිනිහෙක් හෙල්මට් එකක් නැතිව ගියොත් නං වීරයො වාගේ පෙන්නනව. අනිත් කාරණය මළගෙවල් පෙන්නනකොට දාන දර්ශන. ඒව ගැන කතාකරල වැඩක් නෑ. නෙත් එෆ් එම් එකෙන් හෙලිකල ගාල්තැන්නෙ දේවගැත්තගෙ හොර වැඩ ගැන කතාකරන්නෙ නැතුව ඌව පුම්බනව හැමදාම. මම ඉස්සර දාපු ලිපියක් ඕන්නං බලන්න මෙතනින්.
ReplyDeleteඒකනෙ රාජ් අයියෙ ඕකෙ ඉන්න අය හැමදාම වැරැද්දට පෙන්වන්නෙ ඔය වගේ දේවල්......මිනිසුන්ට ආත්මගරුත්වයක් තියෙනව කියල තේරෙන්නෙ නෑ.......අපෝ ගාල් තැන්නෙ සීන් එක දැන් රටම දන්නව....බොහොම ස්තූතියි ඒ ගැන දැනුවත් කරාට.
Deleteඒ දේවගැතිවරයා වෙන්නැති සුවර්ණවාහිනියේ සුවර්ණාභරණ සේරම ගන්නේ නැත්තම් වෙන මොනාද
Deleteසල්ලි වල බලය නොවැ ගැමි මලේ.....
Deleteආදි ශිෂ්‍යය කරපු දේ නම් වැරද්දක් තමයි. බීමතින් ඒ වගේ දෙයක් කරන එක කොහොමත් වැරැද්දක්නේ. ඒත් මේක එයාගෙ පුද්ගලික දෙයක්. ඒකට එයාගේ ඉගනගනිපු පාසල පහත් කරලා කතාකරන එක වැරදී. අනික මං හිතන්නේ මීට වඩා ජරා විදියට වැරදි වැරදි කරන අය ඕන තරම් ඉන්නවා ජනප්‍රිය පාසල්වලින් ඉගනගනිපු. ඔය මාධ්‍ය ආයතනය මීට වඩා වගකීමෙන් තමන්ගෙ පුවත ඉදිරිපත් කරා නම් හොදයි කියලා තමයි මගෙත් අදහස. මේ දේවල් වලින් වෙන්නේ ඉස්කෝල අතර රණ්ඩු ඇතිවෙන එක විතරයි.
ReplyDeleteඔව් මේ සිදුවීම පාසල් 2ම සුබදායක නෑ. මීට වඩා වැරදි කරන ලොකු මිනිසුන්ගෙ වැරදි මේ අය දාන්න බයයි.
Deleteමම නම් ඔය මඟුල දැක්කෙ නෑ බන්... ඒ උනාට සිද්දිය නොදැන මොකුත් කියන්න බෑ ඔය ගැන නම්. ඒ උනාට සෝමවාහිනියේ නිව්ස් අහන එවුන්ට ගහන්න ඕනි බන්.. උන් නිව්ස් ද කියන්නේ... මිනිහෙක් මැරුනොත්.. දූශනයක් උනොත් පැණි පෙර පෙර කියන්නේ...
ReplyDeleteබඩ දගලනව.. මම නම් වැරදිලවත් නොබලන චැනල් එකක් ඔය දැන් නම්
අනේද කියන්නෙ පිස්ස අයියෙ පේන විදියට නම් අවශ්‍යතාවය අංක 1 වෙන්න....බල්ලෙක් මැරුණ එකක් හරි කමක් නෑ.....එහෙම ජරා විදියට මිනිසුන්ගෙ දුක මාර්කට් කරල නිව්ස් කියන මාධ්‍ය ආයතනයක් නෑ ස්වර්ණවාහිනිය තරම්....... මං හිතන්නෙ මීට වඩා දරුණු දෙයක් වුන දවසක මිනිස්සු ඊට එරෙහිව බලය පාවිච්චි කරාවි අන්න එදාට පාඩමක් ඉගෙන ගොත්තොත් හරි.
Deleteමේ ලංකාවනේ අප්පා එකයි ඔය....මාධ්‍ය වගගිමකින් වැඩ කරනේ නැනේ....වැරද්දක් කලත් අනුන්ට ඒක වැදගත් වෙන විදියට ඕන ඒක පෙන්නලා දෙන්න.අනිත් ඒක අනිත් අයගේ වැරදි පෙන්නන තම නිවැරදිව වැඩ කරන්න ඕනනේ....ලංකාව කියල හිත හදාගන්නවා මිසක් වෙන මොනවා කොරන්නද...:(
ReplyDeleteමෙහෙමයි හැමදාම අපිට ලංකාව කියල හිත හදාගන්න අමාරුයි නේද? මාධ්‍ය ආයතන කිසිම වගකීමක් නැතුව ක්‍රියා කරද්දි කොහොමද මිනිසුන්ට නිවැරදි ආදර්ශ සපයන්නෙ.
Deleteඕකෙ ඉන්නෙ මල අජූත හැත්තක්..ස්ත්‍රී දූශනත් මුන් ෆිල්ම් හදලා කතා හදලා විකුනන් කන ජාතියක්..අනික ඕකෙ කියන ඒවගෙන් ප්‍රවුත්තිමය වටිනාකමක් තියන පුවත් යන්නේ එකක් නැත්නම් දෙකක් .. අනික් ඔක්කොම කතාන්දර..අපිට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ...
ReplyDeleteකියමනක් තියෙන්නෙ දූෂණය වුන ස්ත්‍රියක් දෙවැනි වතාවට උසාවියෙදි දූෂණය වෙනව කියල. හැබැයි ඊට කලින් ස්වර්ණවාහිණියෙදි දූෂණය වෙනව. මේ දවස්වල මාතෘකාව ඝාතනය උන අම්මයි දුවයි.
Deleteපෑහෑදිලිවම මචන් මේදවස් වල හොදම නිවුස් එක කවත්තේ සීන් එක,මුන්ගේ දහජරා වෑඩ කියන්නේ සල්ලි වලට මරිච්ච මිනිස්සුන්ටත් අපහස කරන්වා.
Delete@ඇනෝ - ඔව් වැඩක් ඇති දේවල් යන්නෙ බොහොම අඩුවෙන් තමා...සමහර ප්‍රචාරය කරන නිව්ස් ළමා මනසට අහිතකර ලෙස බලපාන්නත් පුලුවන්.
Delete@රාජ්, අසංක අයියෙ - මේ දවස් වල අලුත්ම සෙල්ලම ඒක තමා.....
කතාව ඇත්ත. ස්වර්ණවාහිනිය කියන්නේ අන්තිම පහත් නාලිකාවක්. ලඟදී පෙන්නුවා නිවුස් එකක් එක්තරා පුද්ගලයෙක් පොලිසියෙන් බේරීමට ගඟට පැනලා ඔහුව බේර ගන්න ගමේ එක් පුද්ගලයෙකුත් ගගට පනිනවා. නමුත් ඔහුට අතර මගදී පිහිනීම අමාරු වී ගගේ අනිත් ඉවුරට ගොඩ වෙනවා. මේ මොඩවාහිනිය අර දෙවනුව පැන්න පුද්ගලයාව නිර්දය ලෙස සමච්චල් කලා. වීරයා වගේ පැන්නට මොකද පීනන්න බෑ කියලා. මම මේ ගැන කියන්න එවෙලේම එම නාලිකාවේ ප්රවෘත්ති අංශයට කෝල් කලා. ඔවුන් මගේ යෝජනා ගැන කිසිම තැකීමක් කලේ නෑ. ඇයි එයා ඔයාගේ මාමද? ඔයාට දුකද? ස්වර්නවාහිනී බලන්න බැරිනම් සිරස බලන්න වැනි දේ පැවසුවා. මෙයින් පෙනෙනවා එම නාලිකාව හා එහි වැඩ කරන අයගේ බන්කොලොත්භාවය.
ReplyDeleteතමන්ගේ බන්කොලොත් බාවය තමයි පෙන්නේ ඔයවගේ ජඩ වෑඩ වලින්,අනික ස්වර්නවාහිනියේ හිටපු ඩෑහෙන්න පිරිසක් ඕක ඇත් ඇරලා ගිය නේද,
Delete@ නිමල් - ඔය නිව්ස් එක මාත් බැලුව. ඕක දකින මිනිස්සු ඒ වගේ දේවල් කරන එක අඩු වෙනව මොකද නිකන් නෝන්ඩි කන්නෙ මොකටද කියල හිතල. තමන්ගෙ වැරැද්ද පිළිගන්න බෑ කියල උද්ධච්ඡකමෙන් ඉන්නෙ මෝඩ මිනිස්සු. නැත්නම් තමන්ගෙ මාධය ආයතනය ගැන ලොකුවට හිතන් ඉන්න මන්ද මානසිකත්වය. දැන් ප්‍රචාරය කරන දේවල් වලින්ම ඒ ගොල්ලො ඒක ඔප්පු කරනව.
Delete@ අසංක - හේම නලින්, හරේන්ද්‍ර සහ පෝය දවස් වල වැඩ සටහන් කරපු කෙනෙක් හිටිය ඒ ගොල්ලො නම් දැන් නෑ. නොදන්න උදවියත් ඇති.....
ඔය වාහිනිය ඩුබ්ලිකේට් ITN එක කමයි, ඇගට පතට නොදැනී කඩේ යවනවා, කමන්ගෙ ඇහේ පොල් පරාල තියෙද්දී අනුන්ගේ රොඩු පෙන්නනවා
ReplyDeleteඔව් ඔව් දැන් සෑහෙන්න කඩේ යනව තමයි. ඒ වුනාට නිව්ස් වලින් 1 ලු.....
Deleteවැඩක් නෑ බං දැං නිව්ස් ගැනනම් කතා කරලා උන්ට ඕනේ බල්ලෝ මරල හරි නිව්ස් මවන්න
ReplyDeleteඔව් කිසිම ප්‍රමිතියක් නෑ....
Deleteමමත් දැකල තියනවා ඔය දවසේ වැරදි. හැමදාම නම් බලන්නේ නෑ. අහුවුණා වෙලාවට අහම්බෙන් තමයි බැලෙන්නේ. සමහර දවස් වලට රටට හෙලිකල යුතු සමහර දේ හෙළි කරනවත් දැකල තියනවා. ඒවගේ ඒවා වටිනවා. මම මේ ඒ වාහිනියට කඩේ යනවා නෙමෙයි. දකින දේ කිවේ.,,,නමුත් පිස්සාගේ ඉස්කෝලේ නමට නම් සිද්ද වුනා කියන අකටයුතුකම නම් අනුමත කරන්න බෑ.. ඒ වගේ වෙලාවක මාධ්‍යක් වුනාම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. පාසලේ අනාගතයට එකෙන් ගොඩක් බලපෑම් වෙන්න්න පුළුවනි.
ReplyDeleteඔව් හොඳ දේවල් නැතුව නෙවෙයි....ඒත් ඉස්සර තිබ්බ ගතිය දැන් නෑ.
Deleteකොහොම උනත් ඒ කළ වැඩේ වැරදියි. හැබැයි ඒක නිවුස් එකක් විදියට පෙන්නන්න තරම්ම වරදක් නෙවෙයි. (ලංකාවෙ සිද්ධවෙන දේවල් වලට අනුව)
ReplyDeleteඔය කට්ටියට මාධ්‍ය සදාචාරය නෙවෙයි, මාකටින් සදාචාරයවත් තියෙනවනම් ඒ ඇති....
ඔව් ඊට වඩා ගොඩක් දේවල් මේ රටෙ වෙනව නොදැක්ක වගේ හිටියට....
Deleteඅපෝ ඔය කියන වාහිනිය තමා තාම අර සෝභිත කියන හොර මන්තර කාරයව ප්‍රමෝට් කරන්නේ. සල්ලි වලට මොනව විකුනයිද දන්නෙ නැහැ..
ReplyDeleteසල්ලි නැති මිනිස්සු නම් කමක් නෑ සල්ලි පස්සෙම දුවනව.ඇයි තව ගාල් තැන්නෙත් ඉන්නෙ පොරක්.....
Deleteඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ මලයා...
ReplyDeleteකතා නොකරත් බෑනෙ දිනේශ් අයිය...:(
Deleteදවසේ වැරැද්ද කියල එකක් තියනවා කියල දන්නෙත් අදයි. කරපු වැඩේ නම් වැරදි තමයි. පෙන්නලා දීපු විදියත් වැරදියි.
ReplyDeleteසයුරි අක්ක හොඳටම නිව්ස් බලනව වගේ.......:)))
Deleteමොකද කියන්නෙ, ගිනි තියමුද ස්වර්ණවාහිනියට ?
ReplyDeleteඔබාමාම එනවයි ඔහෙන් සෙට් එකක් අරගෙන අපි මෙහෙන් සෙට් එකක් බස්සන්නම්.....ඕ....යස්.......:)))
Delete@නිමල් - ඔබ සඳහන් කල පුද්ගලයා පාර අයිනේ රසකැවිලි විකුණන පුද්ගලයෙක්. මේ නිවුස් එකෙන් පස්සේ දින ගණනාවක් ඔහු තම ව්‍යාපාරය සිදු නොකල බව දැන ගැනීමට ඇත.
ReplyDeleteබොහොම ස්තූතියි තොරතුරු සැපයුවට......ඔය වගේ අහිංසක මිනිස්සු තමයි එහෙම හරි උදව්වකට පෙලඹෙන්නෙ....ඒක අගය කරන්නෙ නැතුව නෝන්ඩි කරානෙ....
Deleteවැඩේ වැරදියි තමයි.තමන්ගේ ඉස්කෝලෙට ඒ වගේ අපහාසයක් කලොත් එක දෙනෙන්නේ ඒ ඉස්කෝලේ ළමයින්ට මේ අපිට වැඩිය.
ReplyDeleteහරියට හරි...මේ අපිට ඒක තමා දැන් වෙලා තියෙන්නෙ.....
Deleteඋනුත් වැරදි මුනුත් වැරදිමුන් ඔක්කොම හරක් බත් කන
ReplyDelete~ගවයාට අපහාසයක් වුනා නම් සමාවෙන්න~
හික් හික් එතකොට ඇනෝ තමයි හරි.....
Deleteඅදි සිසුවා කරපු දේ අනුමත කරන්නේ නෑ වගේම තමයි ඔය වැඩසටහනත් අනුමත කරන්නේ නෑ!ලංකාවේ මහා පරිමාන වැරදි වෙද්දි පොඩි මනුස්සයෙක් කරන පොඩි වැරැද්දක් මහා ලොකු ගේමක් දීලා හොයා ගත්තා වගේ දානවා..හරියට ඒකෙ ඉන්නෙ වැරදි නොකරන මිනිස්සු වගේ!
ReplyDeleteඔව් එයාල කරන වැරදි පෙන්නන්න වෙනම නාලිකාවක් හදන්න ඕන....සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට.....
Deleteමම නම් ස්වර්නවාහිනියෙ නිව්ස් බලන්නෙ නැහැ..එයාල නිව්ස් දෙන්නෙ නිව්ස් විදියට නෙමෙයි ගමේ ගොඩේ මිනිස්සු ඕපදූප කතා කරන විදියට..
ReplyDeleteපිස්ස මගේ බ්ලොග් එකට නිතරම ආවා ගියාට අදනෙ මම මේ පැත්තෙ ආවෙ..මට මෙච්චර කල් පිස්සගෙ බ්ලොග් එක සොයාගන්න බැරුව හිටියෙ..අද ඉඳල හැමදාම එනවා.. :)
ඒකත් ඉතින් මිනිස්සු ඇදල ගන්න එක උපක්රමයක්නෙ අක්කෙ....මං දැක්ක සමහර ආයතනත් පොඩ්ඩ පොඩ්ඩ ඒ කලාව කොපි කරනව......සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට අක්කව....
Deleteමාත් මේ පැත්තට ආවට මේ කමෙන්ට් කරන පළමු වතාව.. "දවසේ වැරැද්ද" මාත් දැකල තියෙනවා ඉදල හිටලා බලන වෙලේට. මිනිස්සු දැනුවත් කරන එක හොදයි.. ඒත් එහෙමයි කියලා ඉස්කොලෙකට නැත්තම්, ආයාතනයකට අපහාස වෙන විදියට දෙයක් පෙන්නුම් කරන එක අනුමත කරන්න බෑ කොහොමත්.. පුද්ගලයෙක් හරි දෙන්නෙක් හරි කරන වැරැද්දකට ඒ අයගෙ ඉස්කෝලෙ වගකිව යුතු නෑ.. තමන්ගෙ ඉස්කොලෙ තමන්ට වටිනවා. ඉතින් හිත හොද පිස්සගෙ තරහ 100% සාධාරණයි. මාත් කියන්නෙ වැඩේ වැරදි. මටත් කේන්ති ගියාද මංදා :O
ReplyDeleteඔය වගේ දේවල් තමන්ට අදාළ පාසල හෝ ආයතනය සම්භන්ධව සිදු වුණාම තරහ යන එක සාධාරණයි.....ඔය මාධ්‍ය ආයතනයට ඔය වගේ දෙයක් වුනා නම් ඉන්න හම්බෙන්නෑ.....සාදරයෙන් පිළිගන්නව පිස්සු පුරවරයට....එහෙනම් දිගට ඇවිල්ල යන්න මේ පැත්තෙ......
Deleteආ.. මමම ආස නැති චැනල් එකක් ඕක..:/ මහ වැරදි වැඩක් කරලා තියෙන්නෙ..
ReplyDeleteඔය වගේ වැඩ කරද්දි මිනිසුන්ට එපා වෙන එක පුදුමයක් නෙවෙයි......:/
Deleteඅනේ ඕකුන්ට මෝල් බං...උන්ට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ
ReplyDeleteඅර කතාවකුත් තියෙන්නෙ තමන්ගෙ කොහෙද මොකද්ද තියාගෙන අනුන්ගෙ මොකද්ද පෙන්නනවා කියලා...
ඔව් ඔව් මෝල් අමාරුකාරයො නම් ඉන්නව අම්බානෙක....ස්තූතියි මේ දිහාවෙ ආවට......
Deleteඔය වහිනියත් දැං බංකොලොත් වෙලා වගේ..ඉස්සර නං හොඳයි..දැං බලන්න දෙයක් නෑ මගේ හිතේ...
ReplyDeleteඉස්සර ඇත්ත කතා කළත් දැං ඉතින් හැම වාහිනියම එකයි.මේ අන්තිම පින්තූරේ දැක්කම එකයි කියන්න තියෙන්නේ..
ReplyDeleteතමන්ගේ පොල්පරාල තියාගෙන අනුන්ගේ කෙඳි ගනන් කරනවා