කට්ටියට මතක ඇතිනෙ මගේ පළමු පෝස්ට් එක.මෙතනින් යන්නකො. ඒ සිදුවීම වගේම මේකත් OL කාලෙ වුන රසවත් සිද්ධියක්. මේ කතාවට සම්බන්ධ ඩයල් එක කාලෙ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව පොරක්.
මිනිහගෙ ගම් තුලාන පොළොන්නරුව. අපි ඌට දාපු කාඩ් එකත් "පොළොන්නරුව". මිනිහ ආපුම දවසෙ අපි උගේ සපත්තු 2 ගලවල ඒක ලේස් 2න් ගැට ගහල බෙල්ලෙ දාගෙන ඩෙස් එක උඩ නැගල සින්දුවක් කියන්න කිව්ව. මූත් කියන පරක්කුව විතරයි ඩෙස් එක උඩ නැගල කිව්වනෙ සින්දුවක්.
ඕක එහා පන්තියේ සර්ට ඇහිල බුවා ඇවිල්ල පන්ති නායකයට කන පැලෙන්න 2ක් දීල ගියා. අපිට හෙන අප්සට් ඌ නිකන් ගුටි කාපු එකට. මොනා වුනත් උගේ හොඳකම කියන්නෙ පාව දුන්නෙ නෑ එකෙක්වත්.
අපිට පොළොන්නරුව ගැන මාර පැහැදීමක් ආව පඩ ලයින් නැතුව කිව්ව දේ කරපු නිසා. මේකයි කතාව. ඉංග්රීසි කියන්නෙ අපිට තිබ්බ අජූවම විෂයක් ඒ දවස් වල.
හැබැයි ඉංග්රීසි මිස් පන්තියට එනවට නම් කොල්ලොන්ගෙ අකමැත්තක් තිබ්බෙ නෑ. මොකද මිස් මාර ලස්සනයි. මරු ෆිගර් එක. ඔන්න පිස්ස නම් ඕවට අල්ල ගන්න එපා හරිය.
පිට පැන්නනෙ ආපහු. පොළොන්නරුව ඇවිල්ල සතියකට විතර පස්සෙ අපේ වාර විභාගෙ තිබ්බ. ඔන්න ඉතින් ඒක ඉවර වෙලා අපේ ඉංග්රීසි මිස් ඇවිල්ල අපිට පේපර් බෙදුව.
පේපර් ටික බෙදා ගත්තට පස්සෙ මිස් පේපර් එකක් අතේ තියාගෙන ඉස්සරහට ආව. අපි හිතුව හොඳම මීටරයකගෙ පේපර් එක අරන් ඇවිල්ල කියන්න හදනව කියල. මිස් ඉස්සරහට ඇවිත් මං මෙයාගෙ රචනාව කියවන්නම් කිව්ව.
දැන් කොල්ලො ටිකත් දත කට මැදගෙන ඕක අහන්න සෙට් වුනා. අපිට දීල තිබ්බ රචනාව සීගිරිය.
Sigiriya is a big rock.
There are beautiful Apsarawo.
There are many Debaru.
This Debaru going to the Apsarawo.
In the rock there is a Pokuna.
This to Pokuna water going under.
ඔන්න ඕකයි බුවාගෙ රචනාව.ඒ වෙලාවෙ කොල්ලොන්ට මැරෙන්න හිනා. මිස් අන්තිමට නම කියෙව්වම පොළොන්නරුව ගොබ්බ හිනාවක් දාගෙන පේපර් එක අරගෙන ආව.
දැන් නම් බුවා කොළඹ ජොබක් කරනව. මේ ළඟදි දවසක මුණ ගැහුන නිසා මට මේ කතාව මතක් වුනේ. වෙලාවට ඌ බ්ලොග් බලන්නෙ නැත්තෙ.
දෙබරු ගොයින්ග් ටු ද අප්සරාවෝ :0:0:0
ReplyDeleteදෙඹර පහස ලබන මලක්දෝ චිකබුම් චිකබුම්.......දෙඹර සුවය සොයන මලක්දෝ චිකබුම් චිකබුම්
Deleteමම නම් හිතන්නේ මේකට හිනාවෙන එක හරි මදි කියලා.. පිස්සා පෝස්ට් එක ලියපු එකේ අවුලක් කියනවා නෙමෙයි මම..
ReplyDeleteඔව් ඌ ආපු පරිසරය දිහා බැලුවම ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි........ඊට පස්සෙ බුවා ඉංග්රීසි ඇතුලුව අනික් විෂයනුත් හොඳට ඉගෙන ගත්ත.ඒ වෙලාවෙ දිනේශ් අයිය හිටිය නම් හිනා යනව මොනා කරත්.
Deleteඔව් ඇත්තටම.. ඒ වෙලාවේ හිනා වෙලා ඌට නමකුත් හදාවි "සීගිරියා" කියාලා.. සමහරුන්ට ඉස්කෝලේ වචන වරදිද්දි අපි හිනා උනා.. දැන් තමයි තේරෙන්නේ ඒක කොච්චර වැරදිද කියලා.. මම මෙහෙම දෙයක් කිවුවට මලයා මත් එක්ක අමනාප වෙන්න එපා..
Deleteපිස්සුද දිනේශ් අයියා ඕවට තරහ වෙන්නෙ මොකටද.....
Delete"අපි උගේ සපත්තු 2 ගලවල ඒක ලේස් 2න් ගැට ගහල බෙල්ලෙ දාගෙන ඩෙස් එක උඩ නැගල සින්දුවක් කියන්න කිව්ව."
ReplyDeleteපව් වැඩේ...
:(
අනේ ඔයා පින් දුන්න කියල අපි වැඩේ නොකර ඉඳීවි කියල හිතුවද...........:(((((
Deleteඔකට කියන්නේ තැනට සුදුසු අහවල් එක කියලද කොහේද...
ReplyDeleteඅහවල් එක පාවිච්චි කරා නම් ඌට හොඳ රචනයක් ලියන්න තිබ්බ රාජ් අයියා....:)))))
Deleteහාපෝ පවු හලේ.....:( සිකේ මෙයාල...........
ReplyDeleteමොනව වුනට් වැඩේ වැලඩී..:/
ඔය කාලෙ ඕව නොකර නාකි වෙලා කරන්නද නංගියෙ කියන්නෙ......
Deleteටින් ටින් ඩබල් ටින් අත්ත උඩ ෆයිටිං වන් ටින් ඩවුන් ටින් ඉන් ද බෙලෙක් ටින්...
ReplyDeleteගල දිගේ වෝටර් කමින්ග් තඹ හැලියට ටං ටං කිව්වලු.
Deleteඌ පට්ට බුවෙක් බොල
ReplyDeleteපට්ට කියන්නෙ බීටා මලේ පට්ට පට පට පටෝං.....
Deleteපොලොන්නරුවා පව් බං....
ReplyDeleteඌ ඕවයින් සැලෙන එකෙක් නෙවෙයි. බුවාටත් ආතල් පස්සෙ වැඩේට......
Deleteශෝයි කොල්ලෙක්නෙ..:D හික්ස්ස්.. හිනා යනවා.. ඒත් ඒ කෙනාගෙ අඩුපාඩුවටවත්,දුර්වලකමටවත් නෙවෙයි..ඒ අදහසට..:)
ReplyDeleteශෝයි නේන්නම්. ඔව් දිනේශ් අයිය පෙන්නෙල දුන්න වගේ හිනා වුන එක වැරදියි. ඒත් ඉතින් හිනා නොවී බෑනෙ ඒ වෙලාවෙ හැටියට.
Deleteහයියෝ... ඒකට මට හිනා හිනා!!! පව් වැඩේ තමා ඉතින් මොනා කරන්නද?
ReplyDeleteඒකනෙ ඉතින් මොනා කරන්නද මාත් අහන්නෙ......
Deleteඅද ඇවිත් උඹේ මුළු බ්ලොග් එකම කියෙව්වා. එල එල.. දිගටම මේ දිහාවේ එන්න තමයි හිත. මමත් දන්නා බුවෙක් ඔය වගේ ආතල් එකක් දුන්න. ලියන්නම් එක වෙලාවක.
ReplyDeleteඑළ එළ සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට......
Deletehak hak hak හිනා වෙලා පන ගියා
ReplyDeleteහිනා වුනාට කමක් නෑ පණ යවා ගන්න එපා හරිය.....
Deleteහරියෝ :))
Deleteඑක අතකට පව් බං බුවා ඔහොම හරි ලියලා තියන එකම ලොකු හයියක් නොවැ
ReplyDeleteඅන්න ඒකනෙ බං කියන්නෙ.....ඔබතුමාත් සාදරයෙන් පිලිගන්නව ඕං........
Deleteමේක දැක්කම මටත් හිනා ගියා....:) ඇත්ත එහෙම හිනාවෙන්න හොඳ නැහැ තමයි.ඒත් ඒ වගේ හිටපු අයත් ඉන්නවනෙ අද ලෝකෙ ගොඩාරියක් ඉස්සරහට ගිය.යාලුවත් ඒක ඒ වෙලාවෙම අමතක කරල දාන්න ඇති නේද?????
ReplyDeleteඔව් මේක විනෝදය උදෙසා ලිව්ව කතාවක් පමණි. මේ සිදුවීම් අපිට මිහිරි මතකයන් විතරයි.
Deleteපොළොන්නරුව කියල එකෙක් අපේ පන්තියෙත් හිටිය. ඒත් මෙහම එකක් මතක නෑ. වෙන පොළාන්නරුවෙක් වෙන්න ඇති.
ReplyDeleteබොලා ආවෙත් පිස්සගෙ ඉස්කෝලෙටයැ.
Deleteහිකිස්... අන්තිම ටික නම් මරු.. හෙ හෙ.. හයියූ.. මම හිටියා නම් හිනා වෙලාම පණ යනවා...
ReplyDeleteඅම්මෝ වෙලාවට හිටියෙ නැත්තෙ....ඔයාගෙ පණ ගියා නම් අපිට අඬලම පණ යනවනෙ.
Deleteහී හී... හෆෝ ඔයාලා අඬයි මම මැරුනට.. :P :P
Deleteපට්ට රචනාව
ReplyDeleteඑකෙන්ම. සාදරයෙන් පිළිගන්නව ඔබතුමාව මේ පැත්තට.
Deleteඔය ගානට ලිව්ව මදැයි බන්...
ReplyDeleteඒකනෙ අයියෙ මිස්නෙ ඉතින් ගම කෑවෙ......:)
Delete