Thursday, February 16, 2012

"SIGIRIYA IS A BIG ROCK" කිව්වලු



කට්ටියට මතක ඇතිනෙ මගේ පළමු පෝස්ට් එක.මෙතනින් යන්නකො.  ඒ සිදුවීම වගේම මේකත් OL කාලෙ වුන රසවත් සිද්ධියක්. මේ කතාවට සම්බන්ධ ඩයල් එක කාලෙ අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව පොරක්.


 මිනිහගෙ ගම් තුලාන පොළොන්නරුව. අපි ඌට දාපු කාඩ් එකත් "පොළොන්නරුව". මිනිහ ආපුම දවසෙ අපි උගේ සපත්තු 2 ගලවල ඒක ලේස් 2න් ගැට ගහල බෙල්ලෙ දාගෙන ඩෙස් එක උඩ නැගල සින්දුවක් කියන්න කිව්ව. මූත් කියන පරක්කුව විතරයි ඩෙස් එක උඩ නැගල කිව්වනෙ සින්දුවක්.


ඕක එහා පන්තියේ සර්ට ඇහිල බුවා ඇවිල්ල පන්ති නායකයට කන පැලෙන්න 2ක් දීල ගියා. අපිට හෙන අප්සට් ඌ නිකන් ගුටි කාපු එකට. මොනා වුනත් උගේ හොඳකම කියන්නෙ පාව දුන්නෙ නෑ එකෙක්වත්.


අපිට පොළොන්නරුව ගැන මාර පැහැදීමක් ආව පඩ ලයින් නැතුව කිව්ව දේ කරපු නිසා. මේකයි කතාව. ඉංග්‍රීසි කියන්නෙ අපිට තිබ්බ අජූවම විෂයක් ඒ දවස් වල.


හැබැයි ඉංග්‍රීසි මිස් පන්තියට එනවට නම් කොල්ලොන්ගෙ අකමැත්තක් තිබ්බෙ නෑ. මොකද මිස් මාර ලස්සනයි. මරු ෆිගර් එක. ඔන්න පිස්ස නම් ඕවට අල්ල ගන්න එපා හරිය.


පිට පැන්නනෙ ආපහු. පොළොන්නරුව ඇවිල්ල සතියකට විතර පස්සෙ අපේ වාර විභාගෙ තිබ්බ. ඔන්න ඉතින් ඒක ඉවර වෙලා අපේ ඉංග්‍රීසි මිස් ඇවිල්ල අපිට පේපර් බෙදුව.


පේපර් ටික බෙදා ගත්තට පස්සෙ මිස් පේපර් එකක් අතේ තියාගෙන ඉස්සරහට ආව. අපි හිතුව හොඳම මීටරයකගෙ පේපර් එක අරන් ඇවිල්ල කියන්න හදනව කියල. මිස් ඉස්සරහට ඇවිත් මං මෙයාගෙ රචනාව කියවන්නම් කිව්ව.


දැන් කොල්ලො ටිකත් දත කට මැදගෙන ඕක අහන්න සෙට් වුනා. අපිට දීල තිබ්බ රචනාව සීගිරිය.


Sigiriya is a big rock.

There are beautiful Apsarawo. 

There are many Debaru.

This Debaru going to the Apsarawo.

In the rock there is a Pokuna.

This to Pokuna water going under.

ඔන්න ඕකයි බුවාගෙ රචනාව.ඒ වෙලාවෙ කොල්ලොන්ට මැරෙන්න හිනා. මිස් අන්තිමට නම කියෙව්වම පොළොන්නරුව ගොබ්බ හිනාවක් දාගෙන පේපර් එක අරගෙන ආව. 

දැන් නම් බුවා කොළඹ ජොබක් කරනව. මේ ළඟදි දවසක මුණ ගැහුන නිසා මට මේ කතාව මතක් වුනේ. වෙලාවට ඌ බ්ලොග් බලන්නෙ නැත්තෙ.



40 comments:

  1. දෙබරු ගොයින්ග් ටු ද අප්සරාවෝ :0:0:0

    ReplyDelete
    Replies
    1. දෙඹර පහස ලබන මලක්දෝ චිකබුම් චිකබුම්.......දෙඹර සුවය සොයන මලක්දෝ චිකබුම් චිකබුම්

      Delete
  2. මම නම් හිතන්නේ මේකට හිනාවෙන එක හරි මදි කියලා.. පිස්සා පෝස්ට් එක ලියපු එකේ අවුලක් කියනවා නෙමෙයි මම..

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ ආපු පරිසරය දිහා බැලුවම ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි........ඊට පස්සෙ බුවා ඉංග්‍රීසි ඇතුලුව අනික් විෂයනුත් හොඳට ඉගෙන ගත්ත.ඒ වෙලාවෙ දිනේශ් අයිය හිටිය නම් හිනා යනව මොනා කරත්.

      Delete
    2. ඔව් ඇත්තටම.. ඒ වෙලාවේ හිනා වෙලා ඌට නමකුත් හදාවි "සීගිරියා" කියාලා.. සමහරුන්ට ඉස්කෝලේ වචන වරදිද්දි අපි හිනා උනා.. දැන් තමයි තේරෙන්නේ ඒක කොච්චර වැරදිද කියලා.. මම මෙහෙම දෙයක් කිවුවට මලයා මත් එක්ක අමනාප වෙන්න එපා..

      Delete
    3. පිස්සුද දිනේශ් අයියා ඕවට තරහ වෙන්නෙ මොකටද.....

      Delete
  3. "අපි උගේ සපත්තු 2 ගලවල ඒක ලේස් 2න් ගැට ගහල බෙල්ලෙ දාගෙන ඩෙස් එක උඩ නැගල සින්දුවක් කියන්න කිව්ව."

    පව් වැඩේ...
    :(

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා පින් දුන්න කියල අපි වැඩේ නොකර ඉඳීවි කියල හිතුවද...........:(((((

      Delete
  4. ඔකට කියන්නේ තැනට සුදුසු අහවල් එක කියලද කොහේද...

    ReplyDelete
    Replies
    1. අහවල් එක පාවිච්චි කරා නම් ඌට හොඳ රචනයක් ලියන්න තිබ්බ රාජ් අයියා....:)))))

      Delete
  5. හාපෝ පවු හලේ.....:( සිකේ මෙයාල...........
    මොනව වුනට් වැඩේ වැලඩී..:/

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙ ඕව නොකර නාකි වෙලා කරන්නද නංගියෙ කියන්නෙ......

      Delete
  6. ටින් ටින් ඩබල් ටින් අත්ත උඩ ෆයිටිං වන් ටින් ඩවුන් ටින් ඉන් ද බෙලෙක් ටින්...

    ReplyDelete
    Replies
    1. ගල දිගේ වෝටර් කමින්ග් තඹ හැලියට ටං ටං කිව්වලු.

      Delete
  7. ඌ පට්ට බුවෙක් බොල

    ReplyDelete
    Replies
    1. පට්ට කියන්නෙ බීටා මලේ පට්ට පට පට පටෝං.....

      Delete
  8. පොලොන්නරුවා පව් බං....

    ReplyDelete
    Replies
    1. ඌ ඕවයින් සැලෙන එකෙක් නෙවෙයි. බුවාටත් ආතල් පස්සෙ වැඩේට......

      Delete
  9. ශෝයි කොල්ලෙක්නෙ..:D හික්ස්ස්.. හිනා යනවා.. ඒත් ඒ කෙනාගෙ අඩුපාඩුවටවත්,දුර්වලකමටවත් නෙවෙයි..ඒ අදහසට..:)

    ReplyDelete
    Replies
    1. ශෝයි නේන්නම්. ඔව් දිනේශ් අයිය පෙන්නෙල දුන්න වගේ හිනා වුන එක වැරදියි. ඒත් ඉතින් හිනා නොවී බෑනෙ ඒ වෙලාවෙ හැටියට.

      Delete
  10. හයියෝ... ඒකට මට හිනා හිනා!!! පව් වැඩේ තමා ඉතින් මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතින් මොනා කරන්නද මාත් අහන්නෙ......

      Delete
  11. අද ඇවිත් උඹේ මුළු බ්ලොග් එකම කියෙව්වා. එල එල.. දිගටම මේ දිහාවේ එන්න තමයි හිත. මමත් දන්නා බුවෙක් ඔය වගේ ආතල් එකක් දුන්න. ලියන්නම් එක වෙලාවක.

    ReplyDelete
    Replies
    1. එළ එළ සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට......

      Delete
  12. hak hak hak හිනා වෙලා පන ගියා

    ReplyDelete
    Replies
    1. හිනා වුනාට කමක් නෑ පණ යවා ගන්න එපා හරිය.....

      Delete
  13. එක අතකට පව් බං බුවා ඔහොම හරි ලියලා තියන එකම ලොකු හයියක් නොවැ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ බං කියන්නෙ.....ඔබතුමාත් සාදරයෙන් පිලිගන්නව ඕං........

      Delete
  14. මේක දැක්කම මටත් හිනා ගියා....:) ඇත්ත එහෙම හිනාවෙන්න හොඳ නැහැ තමයි.ඒත් ඒ වගේ හිටපු අයත් ඉන්නවනෙ අද ලෝකෙ ගොඩාරියක් ඉස්සරහට ගිය.යාලුවත් ඒක ඒ වෙලාවෙම අමතක කරල දාන්න ඇති නේද​?????

    ReplyDelete
    Replies
    1. ඔව් මේක විනෝදය උදෙසා ලිව්ව කතාවක් පමණි. මේ සිදුවීම් අපිට මිහිරි මතකයන් විතරයි.

      Delete
  15. පොළොන්නරුව කියල එකෙක් අපේ පන්තියෙත් හිටිය. ඒත් මෙහම එකක් මතක නෑ. වෙන පොළාන්නරුවෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බොලා ආවෙත් පිස්සගෙ ඉස්කෝලෙටයැ.

      Delete
  16. හිකිස්... අන්තිම ටික නම් මරු.. හෙ හෙ.. හයියූ.. මම හිටියා නම් හිනා වෙලාම පණ යනවා...

    ReplyDelete
    Replies
    1. අම්මෝ වෙලාවට හිටියෙ නැත්තෙ....ඔයාගෙ පණ ගියා නම් අපිට අඬලම පණ යනවනෙ.

      Delete
    2. හී හී... හෆෝ ඔයාලා අඬයි මම මැරුනට.. :P :P

      Delete
  17. Replies
    1. එකෙන්ම. සාදරයෙන් පිළිගන්නව ඔබතුමාව මේ පැත්තට.

      Delete
  18. ඔය ගානට ලිව්ව මදැයි බන්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියෙ මිස්නෙ ඉතින් ගම කෑවෙ......:)

      Delete

වටිනා කාලය වැය කරමින් මෙහි පැමිණියාට ගොඩක් තුති...!!!